
(හේමපාල ලියනගේ)
නාගොඩ , මාපලගම කුඩමලාන වත්තේ ක්ෂේත්‍ර නිලධාරියෙකුට පහර දී හාන්සි පුටුවක බැද ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යක් ඇඟට දමා ගිනි තබා බරපතල තුවාල සිදු කර ඇතැයි පොලීසිය කියයි.
මාපලග මධ්‍යම, කුඩමාලාන තේ කාර්මාන්ත ශාලාවේ පැරණි බංගලාවේ සාලයේදී මෙම ගිනිතැබීම සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ක්ෂේත්‍ර නිළධාරීයාගේ කෑ ගැසීම ඇසී වතුයායේ සේවය කරන පුදගලයින් පැමිණ ඔහු බේරාගෙන ගිනි නිවා වහාම ඇල්පිටිය රෝහලට ඇතුළත්කර තිබේ. ගිනි තැබිමෙන් එම පුද්ගලයාගේ ඇඟ හා හිස මුහුණ පිලිස්සී ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
ගිනි තැබීම සිදු කළ පුද්ගලයා සොයා පොලිස් පරීක්ෂණ අරඹා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද එහෙම කෙරුවේ? ආචාර්ය දුටුගැමුණු දැන් ඉන්නේ බන්ධනාගාරයෙනේ...?
අලුත් ආණ්ඩුව ආවා විතරයි... සුළු සුළු තක්කඩිත් ලොකු මැර වැඩ කරන්න අරන්. දැන් හැමදාම මරණ වාර්තා වෙනවා.