
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
රාජ්‍ය නිලධාරීන් කාර්යක්ෂමව වැඩ කරන ඉතාම හොඳ රාජ්‍ය සේවයක් අනිවාර්යයෙන්ම නිර්මාණය කරන බව කෝප් කමිටු සභාපති ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"කෝප් කමිටුව ආයතනයක් ගෙන්නනවා බනිනවා යවනවා වගේ අදහසක් සමාජයේ තියෙනවා. අප කෝප් කමිටුව බාරගත් පසුව ඒ කටයුතු පවත්වාගෙන යාමේදී ඉතා වගකීමෙන් කටයුතු කර තිබෙනවා.
ජනතාව ලබාදුන් පරමාධිපත්‍ය බලය අනුව මූල්‍ය විනය පවත්වා ගැනීමට දායක විය හැකි වැදගත්ම ආයතනයක් ලෙස කෝප් කමිටුව හඳුන්වා දිය හැකියි.කෝප් කමිටුව ගැන සමාජය දකින පෙනුම වෙනස් කර මේ රටේ සිදුවන මූල්‍ය වංචා අවභාවිතා කටයුතු සම්බන්ධයෙන් නිශ්චිත නීති ක්‍රියාමාර්ග කරා එළඹීමට කෝප් කමිටුවට බලය ලබාගත යුතුව තිබෙනවා.අපි විගණනය ගැන දැවැන්ත විශ්වාසයක් තිබෙන ව්‍යාපාරයක්.මේ රටේ මහජනතාවගේ පැවැත්මට ඉතා හානිකර ලෙස තිබෙන වංචාව දූෂණය නාස්තිය මගහරවා ගත යුතුව තිබෙනවා.විද්‍යාත්මක ක්‍රමයකට ආයතන කෝප් කමිටුවට කැඳවා ගැනීමේ ක්‍රමයක් අප යෝජනා කර තිබෙනවා.මේ වන විට ආයතන 14ක් පූර්ණ විමර්ශනය කර තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1757										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1757										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1444										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1444										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වැඩ කරන රාජ්‍ය සේවයක් අනිවාර්යයෙන් හදනවා
samantha Friday, 26 September 2025 01:36 PM
ඔයගොල්ලන් විපක්‍ෂයේ ඉන්න කාලෙ නිතරම වැඩ වර්ජන කෙරෙව්වේ නැත්නම් මෙලහකටත් අපේ රටේ වැඩ කරන රාජ්‍ය සේවයක් තමයි තියෙන්නේ. ඔයාලම තමයි වැඩ නොකර වර්ජන කරන්න ජනතාවට සහ රාජ්‍ය සේවයට කියලා දුන්නේ. මතකද ලාල් කාන්ත අවුරුදු ගානකට කලින් මන්ත්‍රීකමින් අයින් වුනා පූර්නකාලීනව වෘත්තීය සමිති කටයුතු කරන්න කියලා. ඒවත් කරේ මාදිවෙල මන්ත්‍රී නිවාසයක අයිතියක් නැතුව ඉන්න ගමන්. ඉතින් ලොක්කා එහෙම වුනාම ගෝලයන් ටික දුව දුව නිකම් කන්න පුරුදු වුනා. දැන් ඔයාලා බලයට ඇවිත් ඌරාගේ පිටේ තියලා ඌරු මාලු කැපිල්ල වෙන නිසා රාජ්‍ය සේවකයන්ට වැඩ කරන්න කියනවා.
ගුණරත්න Friday, 26 September 2025 01:37 PM
මහත්තයා, දැන් යෝජනා කරන කාලේ නෙවේ, ඡන්ද කාලේ කරපු යෝජනා වලට මහජන කැමැත්ත ලැබිලා තමුන්නාන්සේලාට ආණ්ඩු බලය 2/3 ජනවරමක් එක්ක ලැබිලාත් හමාරයි. ඉතින් පොරොන්දු ටික ඉටු කරන්න.
සිල්වා Friday, 26 September 2025 01:40 PM
ඔබ හරි සහෝදරයා, වැඩ වර්ජන අකුරට වැඩ මේ සියලුදේවල ඵලවිපාක දැන් හොඳටම වැටහෙන වා.
de silva Friday, 26 September 2025 02:21 PM
2/3 බලය පාවිච්චි කරලා කෝප් කමිටුවේ දී අහුවෙන චුධිතයන්ට විරුද්ධව කෙලින්ම නඩු පැවරිය හැකි ආකාරයට නීති සම්පාදනය කර ක්‍රියාත්මක කරන්න...
sanath Friday, 26 September 2025 03:08 PM
ඇත්තටම දැන් ඉන්න රජයේ සේවකයෝ වැඩ කරන්නේ නැද්ද ? එහෙම කියන්න එපා තරහා වේවි , ඒගොල්ල චන්දෙ දුන්නේ ඔබලාට ,
රනේ Friday, 26 September 2025 03:13 PM
වැඩේ කියන්නේ කනක් ඇහෙන්න නෑ කෙඳිරි ගානවා, TV එකට හිනා වෙනවා, පස්සෙ අඬනවා, අඬ අඬ ගුනේ කියනවා 2/3 බලේ ක්‍රියාත්මක කරන්න කියලා, පව් අප්පා..
Nandana Friday, 26 September 2025 07:22 PM
ඉස්සෙල්ලාම ඔයාගේ බිරිදව හදාගන්න...