(දිලංගා ගෝමස්)
ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථානවල සේවයේ යෙදෙමින් එහි ඇති යන්ත්‍රෝපකරණ සොරා ගන්නා ලද පුද්ගලයකු අද අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය පවසයි.
නාරහෙන්පිට, නුගේගොඩ , කිරුළපන, දෙමටගොඩ යන ප්‍රදේශවල පිහිටි වැඩ බිම් වලින් සොරා ගන්නා ලද ග්‍රයින්ඩර් 8 ක් ඉණිමං 5 ක් සහ හිල්ටි මැෂින් 5 ක් සොයා ගැනීමට හැකි වූ බව නාරාහේන්පිට පොලිසිය පවසයි.
දීර්ඝ කාලයක් තිස්සේ සැකකරු විසින් වැඩ බිම් වල සේවය කරන මුවාවෙන් රැදෙමින් එම ස්ථානයන්හි ඇති යන්ත්‍ර සූත්‍ර සොරා ගෙන ඒවා ඉතා අඩු මුදලට විකුණා මත් ද්‍රව්‍ය පානයෙහි යෙදී ඇතැයි පොලීසිය පවසයි.
නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් සීසීටීවී දර්ශන ඔස්සේ සිදු කරන ලද විමර්ශන වලින් අනතුරුව 52 හැවිරිදි නාරහේන්පිට ප්‍රදේශයේම පදිංචිකරුවකු වන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පැවසීය.
2025 නොවැම්බර් මස 04
643
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැඩබිම්වලින් බඩු ඉස්සූ අයෙක් අත් අඩංගුවට