(රෝෂන් තුෂාර)
ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමෙන් පසුව අලුත් කඩේ මහේස්ත්‍රාත් උසාවියේ භූමියේ ආරක්ෂාව සම්පූර්ණයෙන් තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
මේ වන විට පොලිස්පතිතුමා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පැමිණ විමර්ශන ආරම්භ කර ඇති අතර වෙඩිතැබීමට යොදාගත් රිවෝල්වරයේ උන්ඩ හයක් මේ වන විට සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
නියෝජ්‍ය අමාත්‍යය සුනිල් වටගල මහතා පැමිණ අධිකරණ භූමියේ නිරීක්ෂණයකින් පසුව මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ අපරාධකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවය.
අධිකරණ භූමියේ සිටි පුද්ගලයන් එම තැන්වලම සිට විමර්ශන සිදු කරන අතර කිසිදු අයකුට අධිකරණ භූමියෙන් එළියට ඒමට නොහැකි අතර අධිකරණ භූමියෙන් පිටත සිටින පුද්ගලයන්ට ඇතුල්වීමද පොලිසිය මගින් වළක්වා ඇත.
සියලු අධිකරණවල නඩු විභාග කිරීමේ කටයුතු තාවකාලිකව අත් හිටුවීමටද කටයුතු කර ඇත.
සිද්ධිය උදෑසන සිදුවූ අතර මේ වන විට ඇගිලි සලකුණු ලබා ගැනීම සඳහා අදාළ පොලිස් කණ්ඩායම් අධිකරණය වෙත පැමිණියේය.
පොලිස් නිල සුනඛයන්ද අධිකරණය වෙත කැඳවූ අතර සීසීටිවි දර්ශන පරීක්‍ෂා කිරීමේ විමර්ශන මේ වන විට ආරම්භ කරඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වෙඩික්කරු සොයා අධිකරණයේ විශේෂ මෙහෙයුමක්
ජයනාත් Wednesday, 19 February 2025 11:56 AM
මෙවැනි පුද්ගලයන් ගෙනෙන විට පහුගිය අත්දැකීම් අනුව මෙ ආකාරයෙන් දේවල් සිදුවන බව ආරක්ෂක අංශ නොදන්නවා නොවෙයි . උසාවි දිනවල දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබුණේ නම් අඩුගානෙ වෙඩික්කාරයා වත් අල්ලගන්න තිබුණ.
ආච්චි Wednesday, 19 February 2025 12:18 PM
ඉස්තාලෙ පට පට ගාලා වහපු පොලිසියට අපගේ ප්‍රණාමය...!