(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එකතු කළ අගය මත බදු (වැට්) සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමට අදාල එකතු කල අගය මත බදු පනත යටතේ නියෝගය වැඩි ඡන්ද 36කින් පාර්ලිමේන්තුවේදී අද (2) පස්වරුවේ සම්මතවිය.
එම නියෝගයට පක්ෂව ඡන්ද 55ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 19ක් පමණි.
එම නියෝගය අනුමත කිරීමට සලකා බැලුණු අවස්ථාවේදී ඊට විරුද්ධ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මුලසුනට දැනුම් දුන්නේය.
නියෝගය සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.
මෙයට අමතරව බැංකු සංශෝධන පනත් කෙටුම්පත සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නියෝගද මෙහිදී සම්මත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැට් වැඩිකරනවාට විපක්ෂය කැමැතිද? විපක්ෂයේ 19 බොරු රඟපෑමක් කරලා විරුද්ධ බව පෙන්නුවාද? මොවුන් එක්කොම එකයි. ජනතාව ගොනාට අන්දවනවා.
විපක්ෂයේ ඉන්නේ මන්ත්‍රීලා 19.... නිකන් බොරු ෂෝ දාන්න එපා...