(අංජුල මහික වීරරත්න)
දිගින් දිගටම බංකොලොත් වන රට යළි නඟා සිටුවිය හැකි බවට හොඳම සහතිකය ගැනීමට හැකියාව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටකට දෙන සහතිකය පදනම් කරගනිමින් ලොව සෙසු රටවල් හා ජගත් සංවිධාන වල සහයෝගය ගැනීමට හැකි වෙතියි රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
දිගින් දිගටම බංකොලොත් වන රට සුරක්ෂිත කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් පියවර ගන්නැයි තමා දිගින් දිගටම කියන්නේ ඒ නිසා බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ අද(17) සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක් අතරතුර දී එජාප නායකයා මේ බව කීය.
දිගින් දිගටම කඩාගෙන වැටෙන බංකොලොත් රටක් ලෙස ලංකාව හංවඩු ගැසුවහොත් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමෙන් අත්වන ප්‍රතිලාභ අතිශයින් අවම විය හැකි බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
‘වැටෙන රට නැගිටුවිය හැකි සහතිකයක් ගැන රනිල් කියයි‘
Chandana Thursday, 17 February 2022 03:40 PM
ඔබතුමාගේ දර්ශනය සහ දූරදර්ශී අනාගත දැක්ම කවර කලටත් වඩා වටිනවා. බලයේ සිටිය යුත්තේ මෙවන් දැක්මක් ඇති පුද්ගලයින් මිස පම්පෝරි කයිවාරු කරුවන් නොවේ..
Bandula Thursday, 17 February 2022 04:00 PM
හිනා වෙන්න කටක් ඕන තව... බොන්ඩ් කේස්...!
Shan Thursday, 17 February 2022 04:11 PM
මේ නිකන් අපේ කාලේ කන්නේ නැතිව ගිහින් අර ගෝඨාභයත් එක්ක චක්ගුඩු පනින්න.
SUNIL MILANO Thursday, 17 February 2022 04:20 PM
මෙයාගේ උපදෙස් නම් කිරිගහට මෝල්ගහෙන් ගැහුවා වගේ තමයි. 2015 දුන්න ගේම කාටත් මතකයිනේ. ආර්ථික ඔස්තාර් සහ මහ බැංකුවට වැඩේ දුන්නනේ..
ජුණ්ඩප්පුවා Thursday, 17 February 2022 04:35 PM
පස්දුන් රටේ බ්‍රේස්ලට් සමග චුවින්ගම් බෙදාදුන් පරාක්‍රමබාහු නිරිඳාගේ ටැබ් සෙල්ලම කාට නම් අමතකද? පෙරකදෝරු ආර්ථික විද්‍යාව මහජන ඡන්දයෙන් අතු ගා දමා අවසානයි. රනිලුන් විශ්‍රාම ගත යුතු කාලය ඉකුත්ව දැන් බොහෝ කල්ය... බයිලා නවතා දමා නිවසට වී සිටින්න...!
Senarath Thursday, 17 February 2022 04:48 PM
අපේ රට 2019 වෙනකම්ම ඔය කියන සහතික දීලා රටවල් නගාසිටුවන්න ළඟට ගිහින් උපදෙස් සමග ආධාර ලබාගත්තනේ. 1977 සිට රට ඉදිරියට ගියාද? නැහැනේ. දිගටම වුණේ වැටුණු එක. 2015 සිට 2019 වෙනකම් රටේ කිසිම වසංගතයක් හෝ යුද්ධයක් නොතිබුණාට, ඔයාට රටේ තිබුණු සංවර්ධන වේගයවත් පවත්වා ගන්න පුළුවන් වුණාද? නැහැනේ.., 2.3% ට බැස්සුවනේ. ඒක පුද්ගල ආදායම වැඩිකළාද? නැහැනේ.
Raveendra Thursday, 17 February 2022 05:32 PM
226 දෙනා තම තමන්ගේ පක්කලියන් සමග හොරාකාපු මහජන මුදල් නැවත ගෙනත් දෙන්න. එවිට අපේ රටට එක එක මූල්‍ය අරමුල් වලින් ණය ඕනේ නැහැ. ඔක්කොම මේ හෙනගහන අපරාධයට අඩුවැඩි නැතිව හවුල් බව මුළු රටම දන්නවා.
කිරි පුතා Thursday, 17 February 2022 06:20 PM
බඩේ අමාරුවටත්... I.M.F. ගිහින් මෙයාලා ඉන්න කාලේ රට හොඳටම ගොඩ නැගුවානේ... ආදර්ශමත්..!
chandima Thursday, 17 February 2022 07:12 PM
සමහර පිටරට බැංකුවලින් ණයක් අරගන්නකොට බ්‍රෝකර්ට සියයට ගාණක් දෙනවා. එහෙම කේස් එකක්ද? නැතිනම් වයසට කියන දේවල්ද?
sapumal Thursday, 17 February 2022 07:54 PM
මේයාට උපදෙස් දෙන්න විතරයි පුළුවන්... අපි අමාරුවෙන් හදපු 2015 යහපාලන ආණ්ඩුව කාලේ රටත් කාලා, පක්ෂයත් විනාශ කරලා, හොරුත් හුරතල් කරලා, හොරකමුත් කරලා දැන් එනවා උපදෙස් දෙන්න. ඒ කාලේ තමන් කරපුවායේ ප්‍රතිඵල තමයි මේ මුළුරටම ගෙවන්නේ...!
වීරවිජේ Thursday, 17 February 2022 08:10 PM
මෙයා ගැන දවසෙන් දවසෙ ප්‍රවෘත්ති වලට දාන්න ලැජ්ජා නැද්ද...?
සිරිසේන Thursday, 17 February 2022 08:56 PM
හොරාගේ මෑණියන් අඳුන බලා පේන කියනවා වගේ...!
NM Friday, 18 February 2022 05:11 AM
දිගින් දිගටම බංකොළොත් වන රට සුරක්ෂිත කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට රජයට සැලසුමක් නොමැති බව පෙනේ. ඉදිරියේදී නව රජයක් යටතේ IMF වෙත යාමට පෙර රටේ ජනතාව සමග නව රජය ඇතිකර ගන්නා වූ අවංක, විශ්වාසය සහ ජනතාව කරන්නා වූ කැපකිරීම මත නව රජය ඉදිරිපත් කරන්නා වූ යෝජනා සඳහා සුබවාදී පිළිතුරක් රටට ලබාගැනීමට හැකියාව තිබේ. මෙවැනි යෝජනාවක් හෝ මොඩලයක් IMF වෙත ඉදිරිපත් වන්නා වූ පළමු අවස්ථාවද මෙය වන්නට හැකියාවක් තිබේ. ඡන්දයකින් කතිරය ගසා දේශපාලකයාට බලය ලබාදෙනවා වෙනුවට ඔවුන්ගේ ඡන්දයේ බලයෙන් පාර්ලිමේන්තුවේ සිටිනා දේශපාලකයා පාලනය වීමක් මෙමගින් ජනතාවට සිදුකළ හැකිවේ. පාර්ලිමේන්තුවට අලුත් කණ්ඩායමක් ජනතාව විසින් පත්කර ගැනීම ජනතාවගේ පළමු ජයග්‍රහණය මෙන්ම රටේද ජයග්‍රහණයේ ආරම්භය වනු ඇත.
Sunil Friday, 18 February 2022 05:44 AM
දශක ගණනාවක් මුළුල්ලේ රටට කිසිම වැඩක් නොකළ කෙනෙකුගේ හිස් වදන්...
Peiris Friday, 18 February 2022 07:52 AM
එපා...
Bunny Preena Friday, 18 February 2022 09:25 AM
ඔලුව හොඳ නැද්ද කොහේද? මෙච්චරකල් රට පාලනය කරපු එවුන් ගොඩගියා මිසක් රටට හෝ ජනතාවට වෙච්චි සෙතක් නැහැ.