IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වජිර යළිත් අනාවැකියක් කියයි

 

(අංජුල මහික වීරරත්න)

අයවැය ඡන්ද 135 ක් ලබා සම්මත වනු ඇතැයි  එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී  පැවසීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

මෙවර අයවැය බංකොලොත් රට ආර්ථික වශයෙන් නිදහස් කරන අය වැයක් වනු ඇතැයි ද වජිර අබේවර්ධන මහතා කීය.

මෙය අනාගත පරපුරට සුබවාදී අයවැයක් වන අතර වංචනික ලියවිල්ලක් නොවන බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.

හිටපු සෞඛ්‍ය ඇමතිවරයා පිළිගන්න සූදානම් දැයි මෙහිදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එජාප සභාපතිවරයා පැවසූයේ එන කෙනෙක් පිළිගන්න සූදානම් බවයි.එහෙත් විපක්ෂය දුර්වල නොකළ යුතු බව ද එජාප සභාපතිවරයා කීය .



අදහස් (9)

වජිර යළිත් අනාවැකියක් කියයි

Akila Monday, 14 November 2022 01:18 PM

පොහොට්ටුවේ හොරු 134 එහෙම්ම ඉන්නවා. එතකොට වැඩිපුර කෙනා කවුද?

:       7       14

sena Monday, 14 November 2022 01:20 PM

වෙන අහවල් දෙයක් කරන්නද? රටේ මිනිස්සු බඩගින්නේ දුක්විඳිනවා. මෙයාලා තමන්ගේ ජයග්‍රහණ භුක්ති විඳිනවා.

:       7       14

fairoos Monday, 14 November 2022 01:35 PM

තවත් මේ ආණ්ඩුවට කඩේ යන අයට නම් හෙණ වදිනවා.

:       9       14

Jagath Monday, 14 November 2022 01:50 PM

ඔහු ඒක ඒ අයුරින්ම සිදුවෙනවා. මොකද මේ සියලු දෙනාම හොඳ යාළුවන්...

:       3       9

ranjith Monday, 14 November 2022 01:51 PM

මේ ආණ්ඩුවට රටේ කැමැති 134-135 පමණ වෙන්න ඇති...

:       5       11

Rexi Monday, 14 November 2022 02:26 PM

මොවුන් අපායේ අනුකරණය ලංකාවේ හදලා යක්කුන්ට නටනවා. ප්‍රශ්නෙ යම රජ්ජුරුවන් කවුද කියන එක... මෙයාගේ කතාවේ හැටියට 134 ආපු කෙනාද? නැත්නම් හිටපු අයද?

:       2       5

Sunil Monday, 14 November 2022 04:42 PM

අය වැයත් පරදින බව පෙනෙන්නට තිබෙනවා.

:       5       3

විපරමා Monday, 14 November 2022 10:40 PM

අනාවැකිය කිව්වේ ඇමතිකම් දෙනවා කියලා කාව හරි බාගෙනද කියන්ඩ බැහැ. අපේ රටේ දූෂිත බලලෝබි බඩගොස්තරවාදි දේසපාලුවන් ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ ද?

:       1       0

Perera Tuesday, 15 November 2022 09:26 AM

එ 135දෙනාට කීය ගානෙ දීලද චන්දෙ ෂ්‍්‍රවර්රගත්තෙ????

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site