
රුසියානු ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින් ගමන් කළ ඔහුගේ පෞද්ගලික ජෙට් යානය මොස්කව් අගනුවරට උතුරින් කඩා වැටුණි. සිදුවුණු එම අනතුරින් යානයේ සිටි ප්‍රිගෝෂින් ඇතුළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
අනතුර සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන පැවැත්වෙයි. මීට මාස දෙකකට පෙර, රුසියන් හමුදාවටත්, රජයටත් අභියෝග කරමින්, රුසියාවේ බලය ඇල්ලීමේ කැරැල්ල මෙහෙය වූයේ ප්‍රිගෝෂින් ය. දින දෙකකට පමණක් සීමා වුණු එම කැරැල්ල අසාර්ථක විය.
එම කැරැල්ල සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ප්‍රිගෝෂින් අතරේත්, ප්‍රිගෝෂින් සහ රුසියන් හමුදා ප්‍රධානීන් අතරේත් විරසකයක් පැවැතිණි. අතීතයේ පුටින්ගේ සමීපතම මිතුරකු වූයේ ද ප්‍රිගෝෂින් ය. හමුදා කැරැල්ලට ප්‍රිගොෂින් යොමු වූයේ රුසියන් හමුදාවෙන් ඔහුගේ කුලී හේවා බලඇණියට එල්ල වුණු කෙණෙහිලිකම් නිසාය.
‘වැග්නර්’ කුලී හේවා බලඇණිය රුසියානු හමුදාවේ අතිරේක බලඇණියක් ලෙස සැලකෙයි. යුක්රේන ආක්‍රමණයේ දී රුසියන් හමුදාවට යුක්රේනයේ පළාත් රැසක් අල්ලා ගත්තේ ‘වැග්නර්’ කුලී හේවායන්ගේ උදවු ඇතිවය. අප්‍රිකා කලාපයේ රටවල් බොහොමයක ‘වැග්නර්’ කුලී හේවායන් ක්‍රියාත්මක වෙයි.
2025 නොවැම්බර් මස 04
199
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘වැග්නර්’ ලොක්කා ගුවන් අනතුරකින් මරුට
ලුම්බිණි Thursday, 24 August 2023 10:32 AM
අවි ගත්තෝ අවියෙන් නසිති නැත්නම් නැසෙති
පැරකුම් Thursday, 24 August 2023 11:10 AM
ව්‍යාජ සාධාරනත්වයක් ලොවට පෙන්වමින් ගෙනයන මේ අන්දමේ කෲර ඒකාධිපති පාලනයක් යටතේ මෙවැනි දේ සිදුවීම පුදුමයක් නොවේ. ජෙප්පො බලයට ආවොත් ඕකම තමයි වෙන්නෙ. ජනතාව කල්පනාකාරී විය යුතුයයි මම සිතමි.
සුපුන්Thursday, 24 August 2023 01:15 PM
ලොක්කා දැන් තත්වේ ගැනද කියන්නෙ.
AjithThursday, 24 August 2023 03:39 PM
රුසියාවට කඩේ යන එවුන් ,පැරකුම්ට අකැමැත්ත,මෙවුන් තමා මයිනාලට තාම කඩේ යන්නේ .
isurandiThursday, 24 August 2023 05:54 PM
පිස්සෙක්, යන්නේ කොහෙද මල්ලේ පොල් . මහින්දගේ බත් බලයෙක් නැතිනම් රනියාගේ කොල්ලෙක්.
Muthu Thursday, 24 August 2023 11:17 AM
මොනවා උනාද කියල තාම කවුරුත් හරියට දන්නේ නෑ. බොරු මරණයක් ඇතුලේ හැන්ගුනා වෙන්නත් පුළුවන්. තමන්වම අධි තක්සේරු කරගත්තු මෝඩයෙක්. ලෝකේ ලොකුම පුදලික හමුදාව කරලා කොටි ගණන් ඩොලර් ගරන්න ඉඩ දුන්නා. රුසියාවෙන් තුවක්කුවේ ඉඳල මිසයිල් මුදල් සියල්ල ලබාගෙන, කන්න දුන්න අත සපා කෑවා. පාවා දුන්නා. පුටින්ව බිත්තියට හේත්තු කරා. මුළු බටහිරම රුසියාවට එරෙහිව එක පිලකට වෙලා යුද්ධ කරන වෙලාවක මෝඩයෙක් විදියට පුටින්ට එරෙහි උනා. කිසිම රටක හමුදා පාවා දෙන්නට සමාවක් නෑ.
Perakum Thursday, 24 August 2023 08:32 PM
පුටින් පරිපාලනය විසින් සැලසුම් කර සිදුකරනලද ඝාතනයක් බවට කිසිදු සැකයක් නැත. මෙවන් දුෂ්ට දුර්දාන්ත පාලකයින් මෙලෝ තලයෙන් තුරන් කල යුතුය.
පැරකුම් Thursday, 24 August 2023 11:40 AM
විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුල් කිරීම යාවත් කිරීම පිලිබද අපගේ බලවත් සතුට හා ස්තුතිය මෙසේ පල කරමු.
කර්තෘ Thursday, 24 August 2023 05:51 PM
විද්‍යුත් ඊ මේල් ලිපිනය සඳහන් කරන කොටස හැමදාමත් තිබුනා.ඔබ එය නොදැක්කාට අපට කරන්න දෙයක් නැත.නොදන්නා දේවල් කතාකරද්දී ප්‍රවේශම්වන්න !!!