(මනෝප්‍රිය ගුණසේකර)
වකුගඩු ජාවාරමේ ප්‍රධාන සැකකරු නිශ්චිතවම හඳුනා ගැනීම සඳහා පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙ කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදීමෙන් අනතුරුව කිසිදු ආකාරයකින් හඳානාගැනීමට නොහැකිවන පරීද්දෙන් සැකකරු ආවරණය කොට එම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම සැකකරුගේ සම්බන්ධතාවයන් හෙළිකර ගැනීම සඳහා ඔහු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමට අවශ්‍ය වී ඇතැයි කියමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිපි පීරිස් මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය එම නියෝකය කළාය. සැකකරු එතෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට ද නියෝග කළාය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
වකුගඩු ජාවාරමේ ප්‍රධාන සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට
බද්රානි Tuesday, 06 December 2022 07:44 PM
අර වෙද සංගම් මාෆියා කල්ලි නායකයා මේකට සම්බන්ධ නැහැ නේද? අනික දැන් උසස් තනතුරක් ලබා ගත්තට පස්සේ ඔයවගේ කැත වැඩ කරන්න ඕනත් නැහැනේ. ඒකනේ මේ දවස් වල කිසිම සද්දයක් නැත්තේ...