
(නිමල් ජයරත්න)
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පොළොන්නරුව දිඹුලාගල අධ්‍යාපන කලාපයේ ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් ගුරුවරුන්ට, මෙන්ම වසර 11 ක් අධ්‍යාපන ලැබූ තම විද්‍යාලයට කෘතගුණ සැලකීමක් ලෙස 26 වෙනිදා සාමාන්‍ය පෙළ විභාගය අවසන්වීමෙන් පසු විද්‍යාලීය ඉදිරිපිටට පැමිණ ගුරුවරුන්ට මල්කළඹ දී වැඳ නමස්කාර කිරීමෙන් අනතුරුව, විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවේ මල්කළඹ එල්ලා පාසල් ගීතයද ගායනා කර පාසලට වැඳ නමස්කාර කිරීමට කටයුතු කළහ.
ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ 11 වසරේ ඒ සහ බී පන්තිවල සිසුන් අසූවකට ආසන්න පිරිසක් මෙම ආදර්ශ ක්‍රියාව සිදුකරමින් සමස්ත සිසු පරපුරට මෙන්ම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්, සිසු පරපුරට මහත් ආදර්ශයක් දීම පිළිබඳ ගුරුවරුන්ගේත්, මව්පියන්ගේත්, ආදි සිසුන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ප්‍රශංසාව හිමි වූහ.
ඇතැම් පාසල් සිසුන් විභාග අවසන් වී, මත්ද්‍රව්‍ය පානය කර අයහපත් අයුරින් සතුටු සමරා පාසලට සහ සම්පත්වලට හානිකරන යුගයක දිඹුලාගල අධ්‍යාපන කලාපයේ ලීලරත්න විජේසිංහ මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් සිදුකළ මෙම ආදර්ශය සැමට පූර්වාදර්ශයකි.


COMMENTS
ගිය අවුරුද්දෙත් ඔය පාසලේ ළමයි ඔහොම කළා වගේ මතකයි
මැටි වැඩක්..!!!
ඉතාම හොඳ වැඩක්
ශ්‍රී ලංකා මාතාවගේ ශ්‍රේෂ්ඨ පුතුන් සහ දියණියන්.. අපි ඔබට බොහෝ සේ ආදරෙයි.
අගය කළ යුතු ක්‍රියාවක්. විශිෂ්ඨයි. රටේ නම ගිය පාසල් වලට හොද ටොක්කක්. මේ පාසලේ ගුරුවරු අවංක ගුරු දෙවිවරු වෙන්න ඇති. ඇත්තමට අවංකව මේ ළමයින්ට උගන්වන්න ඇති. ඒ නිසා වෙන්න ඇති මේ දරුවන් මේ විදියට ගෞරව දක්වන්නේ. එත් ලංකාවේ ගොඩක් පාසල් වල ගුරුවරු රැකියාක් කරනවා මිසක් අවංකව ගරු සේවයක් කරනවද කියලා හිතෙනවා. ටියුෂන් නැත්නම් ලංකාවේ ලමයින්ගේ හොද ප්‍රතිඵල පලාපොරොත්තු වෙන්නම බෑ.
වරදින්නෑ ඔයාලට ඉහලින්ම සමත් වෙන්න ඕනෙ
පිස්සූනෙ මිනිස්සුන්ටයි ගල් වලටයි වඳින්නේ . මේවගේ දේවල් ගොඩක් අපි ලංකාවේ දැකලා තියෙනවා. මිනිස්සුන්ට පේන්න මිනිස්සුන්ට ගල් වලට වඳින්නේ යටිකූට්ටු කාරයෝ.