(මහින්ද නිශ්ශංක)

ලිට්රෝ හිස් ගෑස් සිලින්ඩර හිඟයක් තිබෙන බවට අන්තර් ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර හිස් ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කරන ජාවාරමක් පාරිභෝගික සේවා අධිකාරියේ කළුතර දිස්ත්‍රික් ඒකකය විසින් අල්ලා ගෙන ඇත.

පාලන මිල රුපියල් 15000 කට මිල නියම කර ඇති හිස් ගෑස් සිලින්ඩරයක් මෙහිදී රුපියල් 17000කට අලෙවි කරන බව ද අධිකාරිය පවසයි.

දැනට වසා දමා ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලක මෙම ජාවාරම කරගෙන යන අතර එහි තිබී හිස් ගෑස් සිලින්ඩර 40ක් ද සොයා ගත් බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙම ජාවාරම කරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව ශරීර බැදුම්කර යක් මත මුදාහැරිය බව එම නිලධාරියා කීහ. ඔහුට විරුද්ධව කළුතර අධිකරණයේ නඩු පවරාඇත.