
(දිලංගා ගෝමස්)
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාලව පැහැර ගැනීම, සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු සැකකරුවන් තිදෙනකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බවට නීතිපතිවරයා ලිඛිතව දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට අද (13) දැනුම් දෙන ලදී.
සැකකරුවන් තිදෙනා නිදහස් කිරීම සම්බන්ධව නැවත සලකා බලන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගරු නීතිපතිතුමාගෙන් විමර්ශන සාරාංශගත වාර්තාවක් ගොනු කරමින් ඉල්ලා සිටි අවස්ථාවේදී ගරු නීතිපතිතුමා ඊට ප්‍රතිචාර දක්වමින් මුල් නියෝගය අනුව ක්‍රියා නොකරන ලෙසට පෙබරවාරි මස 11 වන දින වාර්තාවක් ලබා දි ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී කීර්තිසිංහ ,ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉලංගසිංහ යන නිලධාරීන් විසින් නීතිපති උපදෙස් අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී.චතුරිකා සිල්වා මහත්මිය ඉදිරියේ මෝසමක් මගින් කැඳවමින් අද පැවසීය.
2025 දෙසැම්බර් මස 18
568
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්