
(විමුක්ති එස් රුද්‍රිගු)
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විභාග වන නඩු කටයුත්තේදී නීතිපති ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා ක්‍රියාකර ඇති ආකාරය සැලකිල්ලට ගනිමින් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බවට ඉල්ලමින් ඒ මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට ලිපියක් යොමුකර ඇත.
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තේදී සැකකරුවන් ලෙස නම් කර තිබූ තිදෙනෙකු එම නඩු කටයුත්තෙන් නිදහස් කිරීමට හැකියාව පවතින බවට දන්වමින් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කිරීමෙන් ඔහු රාජකාරිය පැහැර හැර ඇති බවත් අභිමතය පරිදි නඩු පැවරීමේ බලතල අවභාවිත කර තිබෙන බවත් අග්‍රාමාත්‍යවරිය වෙත යැවූ ලිපියේ අහිම්සා වික්‍රමතුංග මහත්මිය සඳහන් කර තිබිණි.
නීතිපතිවරයා සැකකරුවන් පිළිබඳ ගෙන ඇති තීරණය ආපසු හැරවීම සඳහා පීඩනය එල්ල කිරීම පමණක් ප්‍රමාණවත් බව රජය විශ්වාස කළත් එය එසේ නොවන බව එම ලිපිය සඳහන් වේ. එම තීරණයට හේතුවූ කරුණු ගැන විමසා බැලීමේදී එය අහඹු සිදුවීමක් ලෙස සැලකිය නොහැකි බවද ඇය ලිපියේ සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාමත් රාජපක්ෂ අවතාර හොල්මන් කරනවා. එක්කෝ මේ රට දාලා යන්න ඕනේ නැත්තං අපි නිතීය අතට ගන්න ඕනේ.
මෙන්න තවත් සාධාරණයක්.
හරියට සාක්ශි නැත්නම් නීතිපති මොනව කරන්නද? පොලිසියේ වැඩේ හරියට සාන්ශි ඇතිව නඩු දාන එක. පොලීසියටයි පේරෂර් එක දාන්න ඕන. මුකුත් නොදන්න හරිනි බබාලා ආවම ඔහොම තමයි
අධි ආරක්ෂිත කලාපයක් තුළ මහා දවාලේ සිදුකළ ම්ලේච්ඡ ඝාතනයක්.? දූෂිත පවුල් පාලන ආණ්ඩුව බලයේ හිටපු කාලේ සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනී මෝරු කැළෑ නීතිය රජ කරවපු බව අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබේවා !