
(විමුක්ති එස් රුද්‍රිගු)
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විභාග වන නඩු කටයුත්තේදී නීතිපති ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා ක්‍රියාකර ඇති ආකාරය සැලකිල්ලට ගනිමින් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බවට ඉල්ලමින් ඒ මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට ලිපියක් යොමුකර ඇත.
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තේදී සැකකරුවන් ලෙස නම් කර තිබූ තිදෙනෙකු එම නඩු කටයුත්තෙන් නිදහස් කිරීමට හැකියාව පවතින බවට දන්වමින් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යොමු කිරීමෙන් ඔහු රාජකාරිය පැහැර හැර ඇති බවත් අභිමතය පරිදි නඩු පැවරීමේ බලතල අවභාවිත කර තිබෙන බවත් අග්‍රාමාත්‍යවරිය වෙත යැවූ ලිපියේ අහිම්සා වික්‍රමතුංග මහත්මිය සඳහන් කර තිබිණි.
නීතිපතිවරයා සැකකරුවන් පිළිබඳ ගෙන ඇති තීරණය ආපසු හැරවීම සඳහා පීඩනය එල්ල කිරීම පමණක් ප්‍රමාණවත් බව රජය විශ්වාස කළත් එය එසේ නොවන බව එම ලිපිය සඳහන් වේ. එම තීරණයට හේතුවූ කරුණු ගැන විමසා බැලීමේදී එය අහඹු සිදුවීමක් ලෙස සැලකිය නොහැකි බවද ඇය ලිපියේ සඳහන් කර ඇත.
2025 නොවැම්බර් මස 04
339
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2149
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1623
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලසන්තගේ දියණියගෙන් අගමැතිට ලිපියක්
රුවන් Thursday, 06 February 2025 08:15 PM
තාමත් රාජපක්ෂ අවතාර හොල්මන් කරනවා. එක්කෝ මේ රට දාලා යන්න ඕනේ නැත්තං අපි නිතීය අතට ගන්න ඕනේ.
Tasi Thursday, 06 February 2025 11:09 PM
මෙන්න තවත් සාධාරණයක්.
රසාක Friday, 07 February 2025 12:10 AM
හරියට සාක්ශි නැත්නම් නීතිපති මොනව කරන්නද? පොලිසියේ වැඩේ හරියට සාන්ශි ඇතිව නඩු දාන එක. පොලීසියටයි පේරෂර් එක දාන්න ඕන. මුකුත් නොදන්න හරිනි බබාලා ආවම ඔහොම තමයි
ගමේ එකාලා Friday, 07 February 2025 03:58 PM
අධි ආරක්ෂිත කලාපයක් තුළ මහා දවාලේ සිදුකළ ම්ලේච්ඡ ඝාතනයක්.? දූෂිත පවුල් පාලන ආණ්ඩුව බලයේ හිටපු කාලේ සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනී මෝරු කැළෑ නීතිය රජ කරවපු බව අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබේවා !