IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලොව වේගතවත්ම මෝටර් රථය

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව වේගවත්ම මෝටර් රථය නිපදවීමට ලොව ප්‍රධානතම විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදකයා වන බී.වයි.ඩී සමාගමට හැකියාව ලැබී ඇත. "යැන්ග්වැන් යූ9 එක්ස්ට්‍රීම්" ලෙස නම් කර ඇති මෙම මෝටර් රථය පැයට කිලෝ මීටර 496.22 ක උපරිම වේගයක් වාර්තා කර ඇත.

චීනයේ බී.වයි.ඩී සමාගම මෙලෙස බිඳ දමා ඇත්තේ බුගාටි චිරෝන් සුපර් ස්පෝර්ට් 2019 හිමිකර ගෙන තිබූ වාර්තාවය. බුගාටි චිරෝන් මෝටර් රථයට පැයට කිලෝ මීටර 490.5 ක උපරිම වේගයකින් ධාවනය වීමේ හැකියාව ඇත. විද්‍යුත් මෝටර් රථයක් මෙම වාර්තාව හිමිකර ගත් පළමු අවස්ථාව මෙය වේ. "යැන්ග්වැන් යූ9 එක්ස්ට්‍රීම්" රථය චීනයේ ඇමෙරිකානු ඩොලර් 233,000 ක් මුදලකට (රුපියල් කෝටි 7 ක් පමණ) අලෙවි වේ.

ලෝකයේ අලුත් වාහන අලෙවියෙන් සියයට 50 ක් හිමිකර ගැනීමට විද්‍යුත් මෝටර් රථවලට මේ වනවිට හැකියාව ලැබී ඇති අතර "යැන්ග්වැන් යූ9 එක්ස්ට්‍රීම්" මෝටර් රථය හේතුවෙන් ලොව වේගවත්ම මෝටර් රථයට හිමි වාර්තාවද මේ වනවිට විද්‍යුත් මෝටර් රථවලට හිමිවී ඇත.

 



අදහස් (1)

ලොව වේගතවත්ම මෝටර් රථය

ගුණරත්න Saturday, 27 September 2025 12:09 PM

විදුලි වාහන පැට්‍රල් වාහනයට වඩා වාසිය තමයි එන්ජිම වෙනුවට මෝටරයක් තිබෙන නිසා ඉහළ බලයක් ඉක්මනින් උත්පාදනය කරන්න පුළුවන්කම. ඉතින් මේක පුදුමයක් නොවෙයි. අනාගතය විදුලි වාහන. නමුත් අපේ ආණ්ඩුව පරණ හණමිටි ක්‍රමයේ නිසා ඔවුන් විදුලි වාහන ආනයන කරන්නත් විවිධ තහංචි පනවලා තිබෙනවා.

:       5       64

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site