IMG-LOGO

ලොව පුරා කෙරෝනා රෝගීන් මිලියන 4 ඉක්මවයි

මේ වනවිට ලොව පුරා වාර්තා වන කොරොනා වයිරස රෝගීන් සංඛ්‍යාව මිලියන 04 ඉක්මවා ඇති බව ඇමරිකාවේ කොරෝනා වයිරස පිළිබඳ පර්යේෂණ සිදුකරන ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.

එහි දත්ත වලට අනුව ලෝකයේ මේ වනවිට වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 4 100 729කි.

ලොව පුරා කොරෝනා ආසාදිත මරණ  280 431ක් සිදුවී තිබේ.

කොරෝනා වයිරසයෙන් ලෝකයේ වැඩිපුරම පීඩාවට පත්වූ රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.

ලෝකයේ තහවුරු වූ රෝගීන්ගෙන් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක් ඇමරිකාවෙන් වාර්තා වී ඇති අතර ලොව පුරා සිදුවූ මරණ වලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ ද ඇමරිකාවෙනි.

කෙසේ වුවද සැබෑ ආසාදන සහ මරණ සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වි ඇති සංඛ්‍යා වලට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවට බෙහෝ විද්වතුන් අනතුරු අඟවා තිබේ. බොහෝ රටවල පරීක්ෂණ සිදුකරන්නේ අඩු ප්‍රමාණයක් බැවින් බොහෝ දත්ත මගහැරෙන බව ඔවුහු පෙන්වා දෙති.

බොහෝ රටවල දෛනික මරණ සංඛ්‍යාව පහත වැටෙමින් පවතින නමුත් අගුලු දැමීමේ සීමාවන් ලිහිල් කිරීම දෙවන ආසාදන රැල්ලකට හේතුවිය හැකි බව ද වෛද්‍ය විශේෂඥයෝ පවසති.


(බීබීසි ඇසුරිණි - 085)
 



අදහස් (1)

ලොව පුරා කෙරෝනා රෝගීන් මිලියන 4 ඉක්මවයි

Samitha Senaka Aluthgamage. Sunday, 10 May 2020 09:05 AM

කොරෝනා චීනයෙන් ඇරඹුණු නිසා ඒතරම් ගානක් නැහැ. ඒත්, අපේ රටෙන් බෝඋනා නම් අපට විරුද්ධව ලෝකයේ මොනතරම් හඬක් නැගේවිද ?

:       0       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 77 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 670 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site