IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ලොව පුරා කෝටි 150 ක් ජීවනෝපාය අහිමි වීමේ අවදානමේ

කොරෝනා වසංගතය හේතුවෙන් ලොවපුරා විවිධ රැකියාවල නිරත වන සේවකයන්ගෙන් අඩක් අවදානම් තත්ත්වයේ පසුවන්නේ යැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය අනතුරු අඟවයි.

ලොවපුරා පැතිර ගොස් තිබෙන ‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ලොවපුරා විවිධ රැකියාවල නිරත වන සේවකයන්ගේ ජීවනෝපය විනාශ වී ඇතැයි එම සංවිධානය පෙන්වාදෙයි.

ඒ අනුව ලොවපුරා විවිධ වෘත්තීන්වල නිරත වන සේවකයන් බිලියන 1.5කගේ ජීවනෝපය ඇත්තේ අවදානමේ යැයි ද ජාත්‍යන්තර කම්කරු සංවිධානය අනතුරු අඟවයි.

කොරෝනා වයිරසය ලොවපුරා ලක්ෂ 30කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර වයිරසය හේතුවෙන් 2,20,000කට ආසන්න පිරිසක් මියගොස් ඇත.

විශේෂයෙන්ම අවිධිමත් ක්ෂේත්‍රයේ සිටින සේවකයන්ගේ ජීවනෝපය අවදානමේ යැයි ද එම සංවිධානය කියයි. 

එයින් වැඩි සංඛ්‍යාවක් ඇත්තේ සිල්ලර වෙළෙඳ ක්ෂේත්‍රය, නිෂ්පාදන සහ ආහාර සේවා ක්ෂේත්‍රය යැයි එම සංවිධානය පවසයි.

අවිධිමත් ආර්ථික ක්ෂේත්‍රයේ සිටින බිලියන දෙකකගේ වැටුප, ගෝලීය සාමාන්‍යක් ලෙස සියයට 60කින් පහළ වැටී ඇතැයි ද ජාත්‍යන්තර කම්කරු සංවිධානයයි. එසේ පහත වැටී ඇත්තේ එම සේවකයන් සිටින කලාපය තුළ වසංගතය ව්‍යාප්ත වීමට පටන් ගත් මුල් මාසයේදී ය.

‘‘මිලියන ගණනාවකට ආදායම් නෑ කියන්නේ ඔවුන්ට ආහාර නෑ කියන එකයි. ජීවනෝපයක් නැති වුණාම ඔවුන්ට ආරක්ෂාවක් නැහැ අනාගතයක් නැහැ. ලොවපුරා විවිධ ව්‍යාපාර මිලියන ගණනක් අමාරුවෙන් හුස්ම ගන්නේ’’ යැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ගයි රයිඩර් පැවැසීය.

‘‘ඔවුන් ගාව ඉතුරු කරපු මුදලක් නැහැ. ඔවුන්ට ණය ගන්න විදියක් නැහැ. රැකියා ලෝකයේ සැබෑ තත්ත්වය මෙයයි. අපි දැන් ඔවුන්ට උදව් උපකාර කළේ නැත්නං ඔවුන් විනාශ වී යනවා’’ යැයි ද හෙතෙම කීය.

බී.බී.සී.
ඡායාරූපය ඒ.එෆ්.පී. 


055



අදහස් (0)

ලොව පුරා කෝටි 150 ක් ජීවනෝපාය අහිමි වීමේ අවදානමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14066 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 178 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site