ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19’ වයිරස වසංගතය හේතුවෙන් ලොවපුරා රටවලින් වාර්තා වන මරණ ගණන 600,000 ඉක්මවා ගොස් ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව ලොව නන්දෙසින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන අද (18) පෙරවරුව වනවිට 601,213ක් ලෙස දැක්විණි.
ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට මිලියන 14.2ක් වන අතර වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව මිලියන 7.9ක් ලෙස දැක්වේ.
වයිරසය හේතුවෙන් වැඩිම ආසාදිතයන් ගණනක් හා මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වයිරස ආසාදිත මරණ ගණන සෙනසුරාදා දිනයේදී 140,000 ඉක්මවා ගියේය. ජෝන්ස් හොප්කින්ස් සහ රොයිටර් පුවත් සේවයේ දත්ත සටහන්වලට අනුව පසුගිය සති දෙකක කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ, ජනපද 50න් 43කින්ම දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වී තිබේ.
ඇමෙරිකාවෙන් අද පෙරවරු වනවිට වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 3.7ක් වන අතර සුව වූ ගණන මිලියන 1.1ක් ලෙස දැක්විණි.
අවසන් පැය 24 දී ලොව රටවලින් වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන 259,848ක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවලින් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ ගොස් ඇතැයි ද එම සංවිධානය සඳහන් කළේය.
ගෝලීය වසංගතය බැටකෙන යුරෝපයේ ආර්ථික ගොඩගැනීම සඳහා සහන පැකේජ ක්‍රියාත්මක කිරීමට එම රටවල නායකයෝ අවස්ථා කිහිපයකදී රැස්වූහ. කෙසේ නමුත් එකඟතාවකට පිවිසීමට ඔවුන්ට නොහැකි වූ අතර එම සාකච්ඡා අද දක්වා කල්දැමීමට ඔවුහු පියවර ගත්හ.
මේ අතර බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සනාරෝ වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොක්ඩවුන් සීමා පැනවීම ප්‍රතික්ෂේප කළේය. එම සීමාවලින් රටේ ආර්ථිකයට දැවැන්ත බලපෑමක් එල්ල වී ඇතැයි හෙතෙම කීය. බ්‍රසීල ආර්ථිකය මේ වසරේදී 6.4% කින් පහත වැටෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
රොයිටර් සහ අල්ජසීරා ඇසුරිනි
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලොවපුරා කොරෝනා මරණ ගණන 600,000 ඉක්මවයි