
(ගයාන් සූරියආරච්චි)
වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක් වන මීරිගම ප්‍ර දේශයේ විහාරස්ථානයක වැඩවාසය කරනු ලබන හිමිනමක බව පොලිසිය පවසයි.
මෙම හිමිනම නුවර සිට කුලියාපිටිය කඳානෙගෙදර පොලිස් වසමේ පිහිටි විහාරස්ථානය කරා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කුරුණෑගල පොලිසියේ රථවාහන අංශයෙ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී වලංගු රියැදුරු බලපත්‍රයක් නොතිබීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.
එම හිමිනමගේ රියැදුරු එදින කිසියම් රාජකාරියක් සදහා යාම හේතුවෙන් එම හිමිනම මෝටර් රථය පදවා ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කුරුණෑගල දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන මහතාගේ උපදෙස් පරිදි කුරුණෑගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එච්.එම්.ඩී.සී. කොබ්බෑවෙල මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලයිසන් නැතුව කාර් පැද්ද හිමිනමක අත්අඩංගුවට
පිටිගල මිලානෝ Monday, 16 September 2024 04:51 PM
යටගිය දවස බරණැස් නුවර, ආදී නගරවල හිටපු සාදුලා අශ්වයා පිටේද දුර ගමන් ගියේ….?
Swene HaputhantirigeTuesday, 17 September 2024 05:52 AM
ආගම මුවාවෙන් සිවිල් නීති වලට පටහැනිව ක්‍රියාකිරීම වැරදියි. එත් හිමි නමට එම වැරැද්ද පෙන්නා දී, වාහනය පොලිසියේ නවත්වා ගෙන පොදු ප්‍රවාහන සහාය ලබා දී කටයුතු කලානම් පොලිසිය වඩාත් හොඳයි කියලයි මට හිතෙන්නේ.
Aswaji Himi Monday, 16 September 2024 08:39 PM
මේක වැරැද්ද හිමි නමගේ නෙමෙයි ... හාමුදුරුවන්ට රියදුරු බලපත් ගන්න නොදෙන ආණ්ඩුවේ හන මිටි නීතියයි
චිත්‍රසේන Monday, 16 September 2024 10:25 PM
කොළඹ නම් ලයිසන් නැතුව එලෙව්වම නඩු දානවා මිසක් අත්අඩංගුවට ගන්නෙ නෑනේ. කුරුණෑගල පොලිස් වෙනම නීතියක් ?
Perera Tuesday, 17 September 2024 07:08 AM
පිට රටවල වැඩ වාසය කරන හාමුදුරුවරු බොහෝ නමක් තමන්ගේ වාහන රියදුරු බලපත අරන් පදිනවා නම් ඇයි අපේ ලංකාවේ බලපත් අරන් පදින්න බැරි?
Gamini Tuesday, 17 September 2024 11:45 AM
මහණ වෙන්නේ සියලු දේ අත් හැරලා නිවන සොයා, ඒකට කාර් ඕනද?
achini Tuesday, 17 September 2024 05:01 PM
ස්වාමීන් වහන්සේ නමකට ලයිසන් එක දුන්නම වරද මොකද්ද ?එතුමන්ලාගේ ගමන් බිමන් පහසු වෙනවා නේද ?
Nimal Tuesday, 17 September 2024 07:37 PM
තමන්ගේ දහසකුත් වැරැදි තියාගෙන, අනුන් ගැන කමෙන්ට් කරන, උන්මන්තකයින්...!