IMG-LOGO

ලුණු මිල ඉහළට

(යොහාන් භාසුර)

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති  ගණක අමරසිංහ මහතා පැවසීය.

ලුණු මෙටි්‍රක්ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද එය ප්‍රමාද වී ඇති බවත් එම නිසා වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් ඇති බවත් අමරසිංහ මහතා කීය.

ඉදිරි සතිය තුළ ලුණු තොග දිවයිනට ලැබීමට සමග පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බව ද අමරසිංහ මහතා සදඳහන් කළේය.

කැට ලුණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 450 ත් 500ත් අතර මිලකට අළෙවි කරයි.

පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ ලුණු මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී ඇති බවත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැටලීම් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත්ය.

 



අදහස් (12)

ලුණු මිල ඉහළට

ගුණරත්න Tuesday, 13 May 2025 06:42 PM

අර නිෂ්පාදන ආර්ථිකයක් ගැන දේශනා පවත්තපු මහත්තුරු කෝ දැන්...?

:       15       28

ප්‍රියන්තTuesday, 13 May 2025 09:23 PM

ඉන්නවා, ඇයි ගුණේ, ඔයාගේ පස්ස පැත්තේ අමාරුද? ආර්ථිකය ගැන තුට්ටුවක් දන්නේ නැතුව මෝඩ කතා කියලා පච නොවී ඉන්න.

:       4       3

ලක්විදුWednesday, 14 May 2025 08:28 AM

ඔය කිව්වෙ නෑමොල මල්පුතා ගැනද ගුණසේකර? එයත් ඔහොම කිව්වා!

:       1       4

ලලනිWednesday, 14 May 2025 11:14 AM

මේ ගුණරත්න කියන මනුස්සයා ඉස්කෝලේ දෙකේ පන්තියටවත් ගිහිං තියෙනවාද මන්දා...?

:       4       4

සෞදි-සිංහ Tuesday, 13 May 2025 07:20 PM

සමහර මිනිස්සු හිතන් ඉන්නේ මාස හයෙන් කර්මාන්තශාලා හදලා නිෂ්පාදන වෙළඳපොළට ගේන්න පුළුවන් කියලා..

:       20       25

අමාWednesday, 14 May 2025 08:45 AM

ඇයි බැරි, මාස හයෙන් කර්මාන්ත හදල විවෘත කලේ. අර විමල් වීරවන්ස කිව්වෙ.අනුන්ගෙ කලිසම තමන්ගෙ වගේ ඇදගන යනව කියල

:       1       4

Nandalal DE SILVA - FRANCE Wednesday, 14 May 2025 12:30 AM

ලුණු නිපදවා, මුළු ලෝකයටම බෙදා හැරීමට පුළුවන් මහා සාගරය, සකල සිරින් පිරි සිරි ලංකාව වටේම ඇත. මීට සුළු කලක සිට, ගමෙ නගරයෙ හැම දෙනාටම අවශ්‍ය ලුණු කැටය පවා ආනායනය කිරීමට සිදුවීම රටෙ පාලක පන්තියේ බැරිකම විදහා දැක්වීමක් නොවෙද ? සැප පහසු සීත කාමර වල සිට, ලක්ෂ කොටි ගනන් පඩි ගන්නා විධායක, පරිපාලන නිලධාරීන්ට, ආනායනය නවතා, අවශ්‍ය දෑ රටතුළ නිපදවීමට සැලසුම් කිරීමේ කිසිම හැකියාවක් පෙනෙන්නට නැත, නැත්නම් ඒ ගැන වගේ වගක් නැත. මෙය ලුණු පොල් කට්ටට පමණක් අදාල ප්‍රශ්නයක් නොවන බව පැහැදිලිවම කවුරුත් දන්නා දෙයක් නෙවෙද???

:       2       12

ලූට මූස්Wednesday, 14 May 2025 11:12 AM

හලෝ නන්දේ, ඔයා ප්‍රංශේ ඉඳන් වැදි බණ කිය කියා ඉන්නේ නැතුව, මෙහෙට ඇවිත් කරලා පෙන්නන්නකෝ...!

:       5       1

Nandalal de Silva - France Wednesday, 14 May 2025 04:39 PM

Nik එකටම ගැලපෙන comment එක ! මෙ උත්තමයා යවන්න ඕන අංගොඩ ටද, මුල්ලේරියාව ටද කියා ජනමත විචාරණයක්වත් අවශ්‍ය නැත. පව්... අනේ... පව් ! !

:       0       2

කුකුල් චමින්ද Wednesday, 14 May 2025 11:02 AM

ගුණපාලයා ගෙදර අතුගාන කොස්ස-ඉදලත් ඔය කියන නිෂ්පාදන ආර්ථිකයට පිංසිද්ද වෙන්න වසර ගණනාවක් තිස්සේ චීනාගෙන් තමයි රටට එන්නේ. හිටපු එවුන් හොඳටම කරපු හින්දා, ලුණු පොල්කට්ටටත් කෙළවුණා.

:       1       5

Nandalal de Silva - France Wednesday, 14 May 2025 10:37 PM

" ලූට මූස් " බක පණ්ඩිතයා, මගේ comment එකට දැක්වූ ප්‍රතිචාරය සදහා, මා එකතු කල වචන කිහිපයට එතූමා ගෙ නම ඇතුළත් කිරීමට අමතක වීම ගැන මාගේ සාතිශය සංවේගය මින් ප්‍රකාශ කර සිටිමි.....

:       0       0

Andare Tuesday, 20 May 2025 08:15 AM

කොමිස් කන්න ඕනේ නම්, මුල්ලක හිටපු ලූණු පැකට් එකෙන් හරි අල්ලනවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site