
(මහින්ද නිශ්ශංක)
පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස පෞද්ගලික අංශයටත් ලුණු ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
විශේෂයෙන් ලුණු කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතාවය සදහා ලුණු ගෙන්වීමට පෞද්ගලික අංශයටත් අවසර ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබී ඇති බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශය පවසයි.
මේ අතර කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය හා ලුණු නිෂ්පාදකයින්ගේ සංගම් අතර විශේෂ සාකච්ඡාවක්ද ඊයේ (3) පැවැත්විණි.
පවතින ලුණු හිගයට පිළියමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන් 30000 ක් ආනයනය කිරීමට පසුගිය දෙසැම්බර් මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ අතර ඒ අනුව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මේ වනවිට ලුණු මෙට්‍රික් ටොන් 11890 ක් පමණ මෙරටට ආනයනය කර ඇතැයි වාර්තාවේ.
COMMENTS
මේ ලංකාවේ මිනිස්සුන්ට පිස්සු හැදිලාද? රට වටේ ලුණු ඒ මදිවට ලුණු ටොන් හාරදහස් ගාණක් කෝටි 9.3 ක ලුණූ දියවෙන්නට හැරලා කියවනවා තව ලුණු ටොන් 30,000 ක් පෞද්ගලිකව ගෙන්නවා කියනවා
රට වටේම මුහුද ඒත් ලුනු ආනයනය කරනවා. ඉතිං කොහොමද රටක් ගොඩගන්නේ.
අන්තිමට ලුණු මිල වැඩි කරලා තමා මේ වැඩේ නතර වෙන්නේ.
රාජ්‍ය අංශය ආනයන අපනයන පමණක්ම නොව වෙළඳාමෙන් මුලුමනින්ම ඉවත්ව යාම අත්‍යාවශ්‍ය කරුණක්.රජය කලයුතු නියාමනය පමණයි.