(මනෝප්‍රිය ගුණසේකර)
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මරණ දඬුවම නියම කළේය.
මීට වසර 10කට පෙර මෙම අපරාධය කළේ විත්තිකරු විසින බවට පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවක වැලිකඩ බන්ධනාගාරයේදී ප්‍රාණය නිරුද්ද වනතුරු විත්තිකරුගේ බෙල්ලෙන් එල්ලා තැබීමට නියම කළේය.
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස මරණ දඬුවම නියම වුයේ පැටි්‍රක් ක්‍රිෂනරාජා නමැත්තාටය.
2015 ජූලි 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ හෙට්ටිවීදියේ ලැගුම්හලකදී ධර්මරාජා කාර්තිකා නමැති කාන්තාවක් ඝාතනය කර ඇයගේ මෘතදේහය ගමන් මල්ලක සඟවා කොළඹ බැස්ටියෙන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොලේ දමා යෑම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබිණී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලැගුම්හලේ කතක මාරා බස් පොළේ දමාගිය චුදිතයාට මරණ දඬුවම්
janaka Thursday, 24 April 2025 05:41 PM
අවුරුදු දහයක් ගිහිල්ලා නඩු තීන්දුවක් දෙනවා, මේ රටේ කවදාවත්ව අපරාධ නම් නවත්තන්න වෙන්නෑ... ඔය වගේ නඩු තීන්දු දෙන්න ගියාම. අවම වශයෙන් වසරක් තුළවත් නඩුවක තීන්දුවක් දෙන්න ඕනෑ. හොරු අල්ලන්න අනුර කුමාරටම අවුරුදු විස්සක්වත් ඉන්න වේවි..!
අරවින්ද මොණරවිල Friday, 25 April 2025 11:44 AM
ඕවා උපන්ගෙයි ආබාධ නීල් ගණන් ගන්න එපා...
Neel Friday, 25 April 2025 06:36 AM
දැන් මේක සිද්ධ උනේ අනුර කුමාරගේ කාලේද ????. නැත්නමි පිස්සුද හැටිද ?