(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 2017 වර්ෂයේදී නිසි අනුමැතියකින් තොරව සේවකයන් දහස් ගණනක් බඳවාගෙන වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් කමිටුව) දැඩි අප්‍රසාදය පළවී ඇත.
මේ අතර එම මණ්ඩලයේ ස්ථිර කාර්ය මණ්ඩලයේ සේවකයන් 2770 ක අතිරික්තයක් පවතින බව විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි කෝප් කමිටුව පවසයි.
මේ තත්වය බරපතළ ගැටලුවක් බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් 2017 වර්ෂයේ මාර්තු 17 වැනි දිනැති ලිපියෙන් ලංකා ගමනාගමන ගමනාගමන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සඳහා අනුමත කර ඇත්තේ සේවකයන් 24,886 ක් පමණකි.
එහෙත් ආයතනයේ සම්පූර්ණ කාර්ය මණ්ඩලයේ 27,656ක් දැනට සිටින බව කෝප් කමිටු වාර්තාවේ සඳහන් වෙයි.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද කාර්ය මණ්ඩලයට අනුකූලව කටයුතු කිරීමට මණ්ඩලය අපොහොසත්ව ඇති බවත් බඳවා ගැනීම් සහ උසස්වීම් යෝජනා ක්‍රමයද මේ දක්වා අනුමත කර නොමැති බවත්
කෝප් කමිටු විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.
සේවකයන්ගේ අවශ්‍යතාව පරීක්ෂාකර බලා එම ගැටලුව වහාම නිවැරදි කරන ලෙසට කෝප් කමිටු සභාපතිවරයා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.
මේ තොරතුරු සඳහන් වන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලංගමට දහස් ගණනක් හොරපාරෙන් අරන් වැටුප් ගෙවලා
Kamal Friday, 24 June 2022 09:19 PM
ලංකාවේ ප්‍රධානම ගැටළුවක් තමයි විශාල අනවශ්‍ය සේවකයන් ප්‍රමාණයකට රජයෙන් පින් පඩි ගෙවීම...!
nimal Friday, 24 June 2022 09:37 PM
පාඩු ලබන්නා වූ දේශපාලනීකරණය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයද පුද්ගලික කරණය කලයුතු පළමු ආයතන 10 අතර සිටි.
NimalSaturday, 25 June 2022 02:17 PM
පාඩු ලබන්නා වූ දේශපාලනීකරණය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේද වැටුප් මහජන බදු මුදලින් ගෙවා දමමු...!
nimal Friday, 24 June 2022 09:37 PM
පාඩු ලබන්නා වූ දේශපාලනීකරණය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයද පුද්ගලිකකරණය කළයුතු පළමු ආයතන 10 අතර සිටියි.