IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලිංගික අතවර සිද්ධිය: මැතිසබේ සේවක තුනක් ගෙදර යවයි

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ  ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම අංශයේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිදෙනකු සේවයෙන් පහ කිරීමට කතානායක  වෛද්‍ය  ජගත් වික්‍රමරත්න මහතා තීරණය කර ඇත.

කතානායකවරයා මෙම තීරණය ගෙන ඇත්තේ එම  සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන  මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ නිර්දේශ අනුවය.

මෙම ලිංගික අතවර සිද්ධිය සිදුවී ඇතැයි පැවසෙන්නේ පසුගිය 2023 වසරේ අගෝස්තු මාසයේදීය.

සිද්ධිය පිළිබඳව මුලින්ම  රටට  තොරතුරු අනාවරණය කළේ අප ලංකාදීප පුවත්පතයි.

එම තොරතුරු අනාවරණය කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට  පාර්ලිමේන්තු මහලේකම්  නීතිඥ  කුෂානි රෝහණදීර  මහත්මිය විසින් අභ්‍යන්තර පරීක්ෂණ මණ්ඩලයක් පත් කරනු ලැබීය.

එම මණ්ඩලය දුන් මූලික විමර්ශන වාර්තාව අනුව   සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින්  විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී  වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුව  පත් කෙරිණ.

කමිටු වාර්තාව වීරවර්ධන මහත්මිය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට පසුගියදා බාර දෙනු ලැබීය.

මෙම ලිංගික අතවර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවන් 15 දෙනෙකුගෙන්  කමිටුව   ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණ

මේ අතර පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදු වී ඇතැයි පැවසෙන විවිධ  අඩන්තේට්ටම් සහ ලිංගික හිරිහැර සම්බන්ධයෙන්ද  පාර්ලිමේන්තු මහලේකම්වරියගේ  නියෝගය පරිදි මේ දිනවල විමර්ශනයක් පැවැත්වේ.

සමගි  ජන බලවේගයේ  කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා  මෙම සිද්ධිය පාර්ලිමේන්තුවේදී  පසුගිය 7 වැනිදා අනාවරණය කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරින්  එම දෙපාර්තමේන්තුවේ සේවිකාවන් කිහිපදෙනෙකුගෙන්  දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මේ අතර එම හිරිහැර  සිද්ධිය සම්බන්ධයෙන්ද බාහිර ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු සේවකයෝ කතානායකවරයාගෙන් ඉල්ලා සිටිති.



අදහස් (7)

ලිංගික අතවර සිද්ධිය: මැතිසබේ සේවක තුනක් ගෙදර යවයි

pj Saturday, 11 January 2025 03:14 AM

බබාටත් දැන් මාස 6 ක් වෙලා.. දැන් ද තාත්තා කවුද කියලා හොයා ගත්තේ...? පාර්ලිමේන්තුවේ සේවාවට අවලස්සන කාන්තාවන් හෝ නපුංසක චරිත බඳවා ගැනීමට යොමුවන්න...

:       4       12

nimalSaturday, 11 January 2025 03:44 PM

එහෙ කළා කියලා බබාලා හම්බ වෙන්නේ නැත.

:       6       2

පිටිගල මිලානෝ Saturday, 11 January 2025 03:44 AM

අපි නම් දන්න විධියට මේ අයව අධිකරණයට ඉදිරිපත් කරනවා. මොකවත් නොකර ගෙදර යවන්නේ කුමන නීතිය අනුවද…?

:       2       17

ජගත් ලියනගේ Saturday, 11 January 2025 07:57 AM

පුදුමාකාර තැනක්නේ පාර්ලිමේන්තුව.

:       0       13

මුතුමනි Saturday, 11 January 2025 08:56 AM

පව් අහිංසකයෝ...!

:       11       4

මහේල Saturday, 11 January 2025 10:36 AM

අභ්‍යන්තර පරීක්ෂණ හොඳින් වෙනවා නම් බාහිර පරීක්ෂණ ඉල්ලා සිටින්නේ ඇයි?

:       4       7

හේරත් Saturday, 11 January 2025 01:17 PM

යන්ත්‍ර හොඳින් කරලා නිසා තමයි ගෙදර යවලා තියෙන්නේ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 533 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 482 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site