IMG-LOGO

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අප්‍රිකාව ගැන භයංකාර අනතුරු ඇඟවීමක්

කොරෝනා වයිරසයෙන්  අප්‍රිකාව පුරා වසරක් තුළ 190 000ක ජනතාවක් මිය යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 

අප්‍රිකානු රටවල වසංගතය වසර කිහිපයක් පවතිනු ඇති බවට ද නව සමීක්ෂණයකින් අනුමාන කර තිබේ.
 
සමීක්ෂණයෙන් පැවසෙන්නේ අප්‍රිකාවේ මිලියන 29 - 44ත් අතර ජනතාවක් පළමු වසර තුළදී ආසාදනය වියහැකි බවයි.
 
එම කාලය තුළ 83 000 - 190 000 ත් අතර පිරිසක් මිය යා හැකි බවද එය අනතුරු අඟවයි.
අප්‍රිකානු කළාපයේ රටවල් 47ක් සම්බන්දව මෙම සමීක්ෂණයේදී අවධානය යොමුකර තිබේ.

කළාපයේ රජයන් විසින් ඉක්මන් ක්‍රියාමාර්ග අනුගමනය නොකළහොත් ඉදිරි වසර කිහිපය තුළ, ජීවිත බිලිගැනීම කෙරෙහි කොවිඩ් - 19  සිදුකරන බලපෑම වැඩි වනු ඇතැයි ලෝක සෞඛය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.අප්‍රිකාවේ වඩාත් ජනාකීර්ණ රටවල් වන නයිජීරියාව, දකුණු අප්‍රිකාව සහ අයිවරි කෝස්ට් ඇතුළු රටවල් කිහිපයක් ඔවුන්ගේ අගුලු දැමීමේ පියවරයන් ලිහිල් කිරීමට පටන් ගැනීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.

"පරීක්ෂා කිරීම, ආසාදිතයන් ලුහුබැඳ යාම, නිරෝධායනය කිරීම සහ ප්‍රතිකාර කිරීම කෙරෙහි වැඩි වැඩියෙන් අවධානය යොමු කළ යුතුයි." යැයි ඔවුහු පවසති.
 
අප්‍රිකානු මහාද්වීපය පුරා මේ වනවිට කොරෝනා මරණ 2 000කට වඩා සිදුවී ඇති බව අප්‍රිකානු රෝග පාලන මධ්‍යස්ථානය පවසයි.

ලෙසෝතෝ හැර සෑම අප්‍රිකානු රටකම ආසාදිතයන් වාර්තා වී තිබේ.

දකුණු අප්‍රිකාවෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර එය 8 200කි. මරණ 160ක් සිදුවී තිබේ.

වැඩිම මරණ සංඛ්‍යාව වන 483ක් ඇල්ජීරියාවෙන් වාර්තා වේ.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (1)

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අප්‍රිකාව ගැන භයංකාර අනතුරු ඇඟවීමක්

chandima Friday, 08 May 2020 12:39 PM

මොකද අප්‍රිකාව ගැන කියන්නේ..? බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව ගැන කියන්න බයේද? එහෙත් නහුතෙට මැරෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 40 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 664 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site