(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ආයතන අතර අවබෝධතා ගිවිසුම් වලට සහ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දෙරට අතර පවතින සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාක්‍යාංශය සහ මහජන චීන සමුහාණ්ඩුවේ පහත ආයතන සමඟ ගිවිසුම් වලට එළඹීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
(i) සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ගුවන් විදුලි සහ රූපවාහිනී පරිපාලනය අතර අවබෝධතා ගිවිසුම.
(ii) සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ චීනයේ ෂින්හුවා පුවත් නියෝජිතායතනය (Xinhua News Agency) අතර අවබෝධතා ගිවිසුම.
(iii) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ විනයේ ෂින්හුවා පුවත් නියෝජිතායතනය (Xinhua News Agency) අතර සහයෝගිතා ගිවිසුම.
(iv) ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය (China Media Group) අතර අවබෝධතා ගිවිසුම.
(v) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය (China Media Group) අතර අවබෝධතා ගිවිසුම.
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී
අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක ව
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි
ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
කුඩාවැල්ල - මාවැල්ල මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .
විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලක් ආයතන හතරක් චීන ආයතන හතරක් එක්ක ගිවිසුමක්
බණ්ඩා Tuesday, 07 January 2025 11:08 PM
මෙම ගිවිසුම් මගින් ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්තාවෙන් සහතික කොට ඇති මාධ්‍ය නිදහස හකුළුවා චීන මාදිලියේ මාධ්‍ය මර්දනයකට පාර කපන අතර එය අපේ යහපතට නොව අයහපතට හේතු වනු ඇත. මහජනයා පෙලන පාලනය කිසි විටෙක ප්‍රජාතන්ත්‍රවාදී නොවන අතර රට අරාජිකත්වය සහ බාහිර ඇඟිලි ගැසීම් මගින් අස්ථාවර බවට පත් වනු ඇත. ඉන්දීය දේශපාලනය තවම මෙම කලාපය තුල බලවත් බව අමතක නොකළ යුතුය.