(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ පිහිටි යුද හමුදාවේ 543 වන බලසේනා මාර්ග බාධකයේදී සවස කළ සෝදිසියකදී රුපියල් ලක්ෂ 8 කට අධික වටිනාකමින් යුත් කහ කැබලි කිලෝ 203 ක් සමගින් පුද්ගලයින් දෙදෙනෙකු යුදහමුදා සෙබලුන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
54 වන සේනාංකයට අයත් 543 වන බලසේනාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ සෙබලුන් පිරිසක් විසින් යොදා ඇති මාර්ග බාධකයේදී මැදවච්චිය මන්නාරම් ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ කුඩා ලොරි රථයක් නවතා පරික්ෂා කොට ඇත.
එහිදී ලොරි රථය තුල සඟවා තිබූ අදාල කහ කැබලි තොගය හමු වී ඇති අතර ලොරි රථයේ ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.
අදාල කහකැබලි තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් දකුණු ප්‍රදේශයට විකිණිමට සූදානම් කර තිබූ බවට යුද හමුදාව විසින් අනාවරනය කොට ගෙන ඇති තර අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මැදවච්චිය පොලීසියට භාරදීමට පියවර ගත් බවට යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.
රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා අධ්‍යයනය කර වාර්තා කිරීමට ස්වාධීන විශේෂඥ කමිටුවක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පානදුර මාලමුල්ල පින්වල ප්‍රදේශයේ දි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පළාත් පාලන ආයතනවල බහුතරය ලැබූ පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල සභාපතිවරු නම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් තිබේ.
පළිබෝධ නාශක පාලනය කිරීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලක්ෂ 8 ක කහ සමඟ දෙදෙනකු අත්අඩංගුවට