IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 50ක අම්බර් සමඟ කොන්දොස්තර මාට්ටු

( පුෂ්පකුමාර මල්ලව ආරච්චි) 

රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා අම්බර් කිලෝ  1 ග්‍රෑම් 200 සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි කුරුවකු බව කියන පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු බව පොලිසිය කියයි

දිවුලපිටිය පොලිසියේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත බස් රථයකින් පැමිණ  අලෙවි කිරීම සඳහා   පාගමනින් ගමන් කළ පුද්ගලයෙකුගේ බෑගය පරීක්ෂා කිරීමේදී මෙම අම්බර් තොගය පොලිසියට හමු වී ඇත. 

ගම්පහ ප්‍රදේශයේ බස් රථයක කොන්දොස්තරවරයෙක් වශයෙන් සේවය කරන සැකකරු බස් රථයේ සේවය කරන අවස්ථාවේදී කිසියම් පුද්ගලයෙකු විසින් බස් රථයේ රාක්කයේ කිසියම් පාර්සලයක් තබන අයුරු දෙක ඇත.

බසය  ගම්පහ දක්වා  පැමිණීමෙන් පසුව  සියලු දෙනාම බැසගිය මුත් පාර්සලය රාක්කයේ තිබෙන අයුරු දැක පරීක්ෂා කිරීමේදී  අම්බර් බව හඳුනාගෙන කොන්දොස්තරවරයා එය බස් රථයේ  පිටුපස ඩිකියට දමා ඇත. 

කිසියම් පුද්ගලයින් දෙදෙනකු පැමිණ ඔහුගෙන් මෙම පාර්සලය ඉල්ලා  ඇති අතර එය ලබා දීම ප්‍රතික්ෂේප කර  ඔවුන්  පලවා හැරීමට කොන්දොස්තරවරයා ක්‍රියාකර ඇත

. ඉන්පසුව මොහු අන්තර්ජාලයේ දැන්වීමක් පළකරමින් ගැනුම්කරුවකු සොයා ඇත්තේ අම්බර් තොගය  විකුණා ගැනීම සඳහාය.  ඒ අනුව දිවුල පිටිය ප්‍රදේශයේ ගැනුම්කරුවකුට මෙම අම්බර් විකිණීම සඳහා රැගෙන යද්දී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

 



අදහස් (2)

ලක්ෂ 50ක අම්බර් සමඟ කොන්දොස්තර මාට්ටු

BUDDIKA GUNAWARDANA Friday, 15 August 2025 10:23 AM

අම්බර් කියන්නේ මොනවද

:       0       4

prasanna Friday, 15 August 2025 10:34 AM

නොකමෙන්ට්, අපිට හිනා මේවට. අන්තිමට අම්බර් නොවැම්බර් වෙලා, කසල ගොඩක් වෙලා විනාශ වෙනවා. ඕකට තමයි පුනරුදය කියන්නේ.

:       9       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 212 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2077 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site