
(සුජිත් හේවාජුලිගේ)
අරගල සමයේදී තම නිවසට සහ දේපළවලට හානි කිරීමේ සිද්ධිය ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් තවමත් නීතිමය කටයුතු කිසිවක් ක්‍රියාත්මක වී නැති හෙයින් ඒ ගැන පරීක්ෂණයක් අරඹා වහා සොයා බලන්නැයි විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරයි.
මේ කාරණය සම්බන්ධයෙන් වහා මැදිහත්වී නීතිමය කටයුතු කිරීමට අදාළ පාර්ශ්වවලට දැනුම්දීම් කරන්නැයිද හිටපු මන්ත්‍රීවරයා එම ලිපියෙන් ඉල්ලා ඇත.
මේ ප්රචණ්ඩ ක්‍රියාව සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසියට කළ පැමිණිල්ලේ පිටපතක් හෝ ලබා දීම එහි නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇතැයි පවසන මානගේ මහතා නීතිපති දෙපාර්තමේන්තුවද මේ සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම මෙතෙක් කර නැතැයි චෝදනා කරයි.
මේ පිළිබඳව ඉරිදා ලංකාදීප ප්‍රේමසිරි මානගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමාට පමණක් නොව මන්ත්‍රීවරුන් හිටපු මන්ත්‍රීවරුන්
බොහෝ පිරිසකගේ දේපළවලට හානි කිරීම් සම්බන්ධයෙන් නීතිමය කටයුතු මෙතෙක් ක්‍රියාත්මක වී නැති බවයි.
මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීමට කිසියම් අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව තමාට හැඟී යන්නේ යැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ දේපළ වලට හානි කිරීම් සිදුවූයේ 2022 වසරේ මැයි 09 වැනිදාය. මෙමගින් රුපියල් කෝටි දෙසීයකට වැඩි පාඩුවක් සිදුවිය.ලංකාවේ අරගලය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd