(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි )
වසර පහකට වැඩි කාලයක් අවහිර කර ඇති බලන්ගොඩ ඉඹුල්පේ නන්පෙරියල් හරහා ලෝකාන්තය පිවිසිමට ඇති කෙටිම මාර්ගය නැවත සංචාකයින්ට විවර කිරිම සඳහා රත්නපුර දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු රැස්විමේදී අනුමැතිය ලැබුණු බව ඉඹුල්පේ ප්‍රදේශිය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා අද (06) දා පැවැසිය.
බලන්ගොඩ ඉඹුල්පේ ප්‍රදේශයේ සිට ලෝකාන්තය නැරඹීමට යන දේශිය හා විදේශිය සංචාකයින්ට නන්පෙරියල් මාර්ගයේ ගමන් කළ නොහැකි අයුරින් නන්පෙරියල් වතුයායේ කළමනාකාරිත්වය විසින් ගේට්ටුවක් දමා මාර්ගය අවහිර කර තිබුණි බවත් එහිදී සංචාරකයින් මුහුණ දෙන ගැටලුව සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු රැස්විමට තමන් දැනුම් දිමක් කළ බව ශ්‍රී ලාල් සෙනරත් මහතා කිය.
පවතින අවහිතාවය ඉවත් කර සංචාකයින්ට නිදහසේ එම මාර්ගයේ ලෝකාන්තය නැරඹීම සදහා යැමට අවසරය ලබා දෙන මෙන් තමන් කළ යෝජනාව රත්නපුර දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතාගේ,පළාත් ආණ්ඩුකාරවරයාගේ ඇතුළු සියලුම බළධාන්ගේ අනුමැතිය එහිදී ලැබුණු බව ඒ මහතා කිය.
නන්පෙරියල් ප්‍රදේශයේ යොදා ඇති ගේටිටුව තව සතියකින් පමණ ඉවත් කිරිමට කටයුතු කරන බවත් ඉන් පසු ලෝකාන්තය නැරඹිම සදහා යන දේශිය හා විදේශිය සංචාරකයින්ට නන්පෙරියල් හරහා බාධාවකින් තොරව ගමන් කළ හැකි බව ශ්‍රී ලාල් සෙනරත් මහතා වැඩිදුරටත් පැවැසිය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ලෝකාන්තය මාර්ගයේ නන්පෙරියල් ගේට්ටුව ඉවත් කරන්න අනුමැතිය