
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.
එළැඹෙන 21 වැනිදා ශ්‍රී ලංකා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බවත් ජනාධිපතිවරණ කාල සීමාවේදී සහ ඉන් පසු ඕනෑම මොහොතක විරෝධතා ඇති වීමට ඉඩක් තිබෙන බවත් යාවත්කාලීන කළ සංචාරක උපදේශනයේ දැක්වේ.
විරෝධතා විසුරුවීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අවස්ථා තිබෙන බවත් ඒ හේතුවෙන් සාමාකාමී ජනතාව එක්රැස් වන අවස්ථා ඇතුළුව සියලුම එක්රැස්වීම් මගහැර සිටින ලෙස ඇමෙරිකානු ජනතාවට උපදෙස් දෙන බවත් එහි සඳහන් වේ.
සාමකාමී එක්රැස්වීමක් වුවත් ඕනෑම අවස්ථාවක ප්‍රචණ්ඩකාරී එකක් විය හැකි බව සංචාරක උපදේශනයේ දැක්වේ.
ඒ හේතුවෙන් සංචාරක ස්ථානවලට සහ මහජනතාව එක්රැස්වන ස්‌ථානවලට යාමේදී තම වටපිටාව පිළිබඳ සැලකිලිමත් වන ලෙස ඇමෙරිකානු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ගම්බද ප්‍රදේශවල සිටින ඇමෙරිකානු ජාතිකයන්ට හදිසි අවස්ථාවල සහාය විය හැකි අවස්ථා සීමිත බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාව ආණ්ඩු ගන්න කලින් තත්වය මෙහෙම නම් ගත්තට පස්සේ ඇතිවෙන තත්වය ගැන හිතා ගන්නවත් බෑ. අරහෙන් ආයෝජකයෝ රට හැර යනවා. කොටස් වෙළඳපොල කඩා වැටෙනවා. රටින් පිටවෙන්න හදන මිනිස්සුන්ගෙන් පාස්පොට් කන්තෝරුවේ පෝලිම්. දවස ගානේ ප්‍රචන්ඩ ක්‍රියා ඉහල යනවා. පොලීසියට තර්ජනය කරනවා ඔවුන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න එපා එහෙම නොවුනොත් අපි ආවම බලාගන්නම් කියලා. මොකද්ද මාලිමාව මේ රටට කරපු මේ අපරාදේ?
ඔව් ඔව් අපි දන්නවා ඒ වගේ අවස්ථාවල රට අරාජික කරන්න රනිල් වැනි ඒගොල්ලන්ගේ ලෝකල් අම්බ්‍රෂ්ටයෝ යොදාගෙන ප්‍රශ්න ඇතිකරන්න ඇමෙරිකාව හරි දක්ෂ බව. ඒ යුගය අවසානයි. දැන් අපේ රටේ තීරණ ගන්නේ අපේ රටේ මිනිස්සු මිසක්, පාහර , හැම තැනින්ම ගුටිකන ඇමෙරිකාව නොවෙයි.
මුන් තමා සේරම රටවල් කොටවන්නෙ.
ඕක ඕනම රටක නිකුත් කරන නිවේදනයක්. විශේෂයෙන් ආසියා රටවල ඡන්දයක් තියෙන වෙලාවට ඇමරිකිවෙන් ඔය නිවේදනය නිකුත් කරනවා.
එන අය කැමැත්තෙන් ඒවී. බොරු ප්‍රචාර කරලා ජනතාවගේ නැගීටීම කාටවත් නවත්වන්ඩ බැහැ.