IMG-LOGO

රොකට් සයින්ස්වලට යන්න පෙර කරන්න වැඩ තියෙනවා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී  රොකට් සයින්ස් වලට යෑමට අවශ්‍ය නැති බවත් 1944 දී   කන්නන්ගර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළහොත් අධ්‍යාපනය අමාරුවේ නොවැටෙන බවත්  ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම  මහතා පාර්ලිමේන්තුවේදී  අද (5)  පැවසීය.

මාන්නප්පෙරුම  මහතා මෙසේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

අජිත් මාන්නප්පෙරුම මහතා මෙසේද පැවසීය.

හැම පාසලකම දිවි භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුයි. විෂයන්ගෙන් බාගයක්ම ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීමෙන් මේ ප්‍රශ්නයට උත්තරයක් ගන්න පුළුවන්. මේ සඳහා දින වකවානු ඇතුළු වැඩපිළිවෙළක් හදන්න. ලොකු ප්‍රතිසංස්කරණවලට යන්න කලින් ඒක කරන්න. රටක් වෙනස් කරන්න පුළුවන් එකම ක්‍රමවේදය අධ්‍යාපනය. ඒ ගැන හිතලා මුදල් වෙන් කිරීම වැදගත්.

ගම්පහ කියන්නේ උගතුන් බිහි කරන දිස්ත්‍රික්කය. ගම්පහ පාසල් 97 න්  ද්විභාෂා උගන්වන්නෙ  16 ක පමණයි. තාක්ෂණය උගන්වන්නේ පාසල් 12ක විතරයි. ද්වි භාෂා සහ තාක්ෂණය තියෙන්නෙ නගරෙ තියෙන ලොකුම ඉස්කෝලේ විතරයි. අපේ අධ්‍යාපනය ජාත්‍යන්තර ප්‍රමිතියට හදන්න ඕන. ඒ ප්‍රමිතියට විෂය ධාරා හදන්න ඕන. විශ්ව විද්‍යාල අධ්‍යාපනයත්  ජාත්‍යන්තර ප්‍රමිතියට ගන්න ඕන. ජාත්‍යන්තර දේශගුණ විපර්යාස විශ්ව විද්‍යාලයක් හදනවා කියලා කියනවා. ගිය අයවැයටත්  ඕක තිබුණා. අපේ ළමයි ළමයි නෙවෙයිද පිටරට ළමයින්ට විතරද උගන්නන්න ඕන.



අදහස් (6)

රොකට් සයින්ස්වලට යන්න පෙර කරන්න වැඩ තියෙනවා

sulakshana Tuesday, 05 December 2023 05:56 PM

ප්‍රශ්නේ තියෙන්නෙ ඔතන නෙමේනේ. වැඩ කරන්න පුළුවන් කෙනෙක් අධ්‍යාපනයට දැම්ම කියමුකෝ ඒ ඇමති අධ්‍යාපනය හැදුව කියමුකෝ ඊ ලඟට ඒ යකා ජනාධි පති කමට සුදුස්සෙක් වෙනවා. එතකොට කොහොමද වර්තමාන ජනාධිපති තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නේ? අධ්‍යාපනය තියෙනෙ විදියට තියෙන්න දෙන්න. දක්ෂ මිනිස්සු ඕනෑම නැහැ. මම ජනාධිපති. ඊළඟ ජනාධිපතිත් මට ඕන විදියට.

:       1       2

චින්තක Tuesday, 05 December 2023 08:28 PM

බුද්ධිමත් අයෙකුගේ වැදගත් අදහස් දැක්වීමක් කියන්න පුළුවන් රටේ භාවිතා කරන භාෂා තුනම සෑම දරුවෙකුටම ඉගෙනීමට අවස්ථාව සලස්වනවා නම් තවත් හොදයි

:       0       5

Prabha Tuesday, 05 December 2023 08:50 PM

ඇයි චිචී බේබිට විතරද රොකට් සයන්ස් ඉගෙන ගන්න පුළුවන් .අපේ ළමයින්ට බැරිද ?

:       1       3

Perera Wednesday, 06 December 2023 06:01 AM

ඔව් ඔව් අපිට මොන රොකට් සයන්ස් ද ,චිචියා ඉන්නවානේ අරින රොකට් එකක් අරගන්න

:       0       3

Bamunuarachchi Wednesday, 06 December 2023 07:33 AM

අජිත් උන්නැහේ 1944 ශ්‍රීමත් කන්නන්ගර මහතාගේ ප්‍රතිපත්ති දැන් යල් පැනලා. සැමටම අද්‍යාපනය උසස් පෙළ දක්වා නොමිලේ දෙන්න. ඒ ගැන කිසිම විවාදයක් නැත ඒත් උසස් අද්‍යාපනයට මුදල් අයකරන්න. ලෝකේ දියුණු රටවල පවා උසස් අද්‍යාපනයට මුදල් අයකරනවානම් ඇයි මේ දුප්පත් රටේ උසස් අද්‍යාපනය නොමිලේ දෙන්නේ? ඇයි මගේ බදු මුදලින් කාවවත් දොස්තර කෙනෙක් කරන්නේ, ඉංජිනේරු වෙක් කරන්නේ, විශේෂයෙන් නීතිඥ යෙක් කරන්නේ? ඔවුන් කරන්නේ බදු ගෙවන්න බැහැ කියලා රට යන එකයි. නීතිඥ යෝ කරන්නේ අපේ මුදලින් ඉගෙනගෙන අපෙන් පොහොසත් වෙන එකයි. ඒ නිසා උසස් පිං අද්‍යාපනය නවතා දමන්න.

:       3       4

චමින්ද Wednesday, 06 December 2023 12:08 PM

බමුණු මතය ඉවතදමා නැනවත් අදහසක් ඉදිරිපත් කල බමුණුතුමාට ජයවේවා. ඇත්තටම දැන් කාලයේ අවම වශයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ දීම සම්පූර්ණයෙන්ම නැවතිය යුතුය (ජනතා මුදලින් ඉගෙනුම ලබා එයට සරිලන ලෙසට වත් බද්දක් ගෙවීමට විරුද්ධව උද්ඝෝෂණ කරන්න තරම් බලවත් විද්‍යාර්තීන් නිසා කියන්නෙ ) අවශ්‍ය කෙනෙකුට බැංකු මගින් ණයක් ගැනීමට පහසුකම් සැලසුවාම හොදටම ඇති .ඇතුලත්මුදලි මැතිතුමා මහපොළ ඇතිකරන්න පෙර එකල සිසුන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවෙ බැංකු ණය අරගෙන කියලා තොරතුරු සොයන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 252 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 780 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site