
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
යතුරුපැදියක් පදවාගෙන යමින් සිටි කාන්තාවක් කහතුඩුව පොල් ගස්ඕවිට හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව පෙරළී අනතුරට පත්වීමෙන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය බව කහතුඩුව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්දල තුන්බෝවිල ප්‍රදේශයේ පදිංචිව සිටි ඩි කේ ශිරෝමනී නැමැති 47 හැවිරිදි තිදරු මවකි.
විදේශගතව සිට මෑතකදී මෙරටට පැමිණි මොරගහ යන ප්‍රදේශයේ පදිංචි සහෝදරයා බැලීම සඳහා ඔහුගේ නිවසට ගොස් යළිත් නිවස කරා පැමිණෙමින් සිටියදී පොල් ගස් සෝවිට පාලම අසලදී යතුරුපැදියේ පාලනය කරගත නොහැකිව එයින් පිටතට විසිවි ගොස් පාලමේ බැම්මේ වැදීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd