
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් රාත්‍රී 8 වනවිට නින්දට යනවා යැයි ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් චෝදනා කර ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් බයිඩන් වොෂින්ටන් අගනුවර පැවැති මාධ්‍ය හමුවේ දී පැහැදිලි කිරීමක් කළේය.
ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් පමණක් නොව, බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයන්ගෙන් පවා බයිඩන්ට විරෝධයක් එල්ල වෙයි. ඒ, 81 හැවිරිදි වියෙහි පසුවන බයිඩන්, යළි ජනාධිපති වීමට සුදුසු නැති බවත් වයස්ගත බැවින් ඔහුගේ මනස දුර්වල බවත් පෙන්වා දෙමිනි.
රාත්‍රී 8 ට නිදා ගැනීම සම්බන්ධයෙන් බයිඩන්, වොෂින්ටන් අගනුවර පැවැති මාධ්‍ය හමුවේ දී මෙසේ කීවේය.
'මම අවදි වෙන්නේ උදේ 7 ට. මම මධ්‍යම රාත්‍රිය තෙක් වැඩ කරනවා. මහන්සි වෙනවා. මට රාත්‍රී අට වෙද්දී නිදා ගන්න ලැබෙනවා නම් ඒක ඇත්තටම සැනසිල්ලක්'

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන් හිටියේ කලින්ම නිදා ගන්නේ අපේ හිටන් ගොයියා කියලා
අපේ නිමල් අයියා කොයි වෙලේ බැලුවත් නිදි... බයිඩන් හොඳයි.
නිමල් අයියාට පුටුවක් පේන්න බැහැ...
අපේ නිදිමතයට මේ අවුරුද්දේ සැප්තැම්බර් 6 වෙනිදට අවුරුදු 80 වෙනවා , පාර්ලිමේන්තුවේදී නිදා ගත්තට කොමිස් ගහනකොට සහ පාර්ලිමේන්තුවේ ටොම් පච දෙසබනකොට නම් හොඳ අවධානයෙන් සහ අවදියෙන් ඉන්නේ , බලාගෙන ගියහම ජරාව කාල බතලගෙඩි වගේ හිටියට අපේ දේශපාලුව නම් ෆුල් ෆිට් නේ ?
අපේ නිමල් සීයා තමයි නිදාගන්න කප් ගහපු එක්කෙනා.
වයසක සීයාට ඔයිට වඩා දෙයක් බෑ.
අපේ අය නිදා ගන්නේ පැය දෙක තුනයි. පාන්දර තුනේ ඉඳන් මල් වට්ටිය අතේ තියන් බුදුන් වැඳලා, පිරිත් අහලා. වැඩ පටන්ගන්නේ හොරා කන්න. පගා කන්න. ජනතාව තද නින්දේ... අපේ රටට හෙන ගැහුවේ ඒකනේ. බයිඩන් ඇතුළු කට්ටිය වෙලාවට වැඩ කරලා නිදහසේ ඉන්නවා. දෙවියෝ රවටන්නේ නැතිව... බුදුන් වැඩලා වැඩ පටන් ගන්න රට හැමදාම හිඟා කනවා... පහන තියා බුදු සාදුට හිමිදිරියේ.... හැමදා දෙන්නා. මොකටද යන්නේ හිඟා කන්න. මහ අය කරනදේම තමයි...