
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය නිලධාරීන් සත්භාවයෙන් ගන්නා තීරණ වලදී සිදුවන පාඩු ගැන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන සහ මුදල් අමාත්‍යංශයේ රෙගුලාසි අනුව ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
රාජ්‍ය නිලධාරීන් ගන්නා තීරණ වලදී රජයට ලාභයක් සිදු වූ විට කිසිදු ස්තුතියක් වත් පළ නොකෙරෙන බවද එජාප සභාපතිවරයා සඳහන් කළේය.
එජාප සභාපති වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන සමයේ අග්‍රාමාත්‍ය උපදේශකවරයකු ලෙස ක්‍රියා කළ චරිත රත්වත්තේ මහතා අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද(4) මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමිනි.
එහිදී වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.
මා දන්නා චරිත රත්වත්තේ මහතා 80 දශකයේ දී ශ්‍රී ලංකාවේ තරුණ සේවා සභාව පිහිටුවීමටත් එය නිසියාකාරව රටට ප්‍රයෝජනවත් ආකාරයට හැසිරවීමටත්, නායකත්වය දුන් රාජ්‍ය නිලධාරියෙක්.
එලෙසම 1988 වකවානුවේ ජනසවිය ව්‍යාපාරය ආරම්භ කරන විටත් ඒ සඳහා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට අවශ්‍ය සහයෝගය ලබාදුන් රාජ්‍ය නිලධාරියෙකු ලෙස අප ඔහු දැන හඳුනාගෙන සිටිනවා.
රත්වත්තේ මහතා 2001 වකවානුවේදී රටේ ආර්ථිකය කඩා වැටුනු අවස්ථාවේ දී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ඉතාමත් වැදගත් සේවාවක් කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පියවර ගත්තා.
අපරාධ හැර අනික් අවස්ථා වල රාජ්‍ය සේවකයන් බොහොම පරිස්සමින් හැසිරවීම කළ යුතුයි යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රාජ්‍ය නිලධාරීන්ගේ හොඳ තීන්දු ගැන ස්තුතියක් වත් නෑ