
(රුවන් පතිරණ)
වරකාපොල මූලික රෝහලේ පවිත්‍රතා අංශයේ වැඩ පරීක්ෂකවරයකු අලෙවි කිරීම සඳහා රැගෙන ආ බව කියන අයිස් මත්ද්‍රව්‍ය හා මත් පෙති , මත් කරල් තොගයක් ද සමඟ රෝහල තුළදීම අත් අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වරකාපොල නියැදුරුපොළ ප්‍රදේශයේ පදිංචි (27) හැවිදිරි අවිවාහක පුද්ගලයෙකු වන අතර මොහු කලක් යුද හමුදාවේ සේවය කර නීත්‍යානුකූලව ඉවත් වූ අයෙකු බවද පොලිසිය පවසයි.
මෙම වැඩ පරීක්ෂකවරයා කාලයක පටන් මෙලෙස අයිස් මත්ද්‍රව්‍ය හා පෙති කරල් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගත් පිරිසකට හා වරකාපොල නගරයේ හා රෝහල අවට පිරිස් වෙත සිය රාජකාරී කාලය තුළ යතුරුපැදිය හා වෙනත් විවිධ ක්‍රම භාවිතා කරමින් බෙදා හරින බවට බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වරකාපොල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රණවංශ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබිණ.
සැකකරු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුද අයිස් මත්ද්‍රව්‍ය පානය කර සිටි බවත් ඔහු සන්තකයේ තිබී විකිණීම සඳහා සූදානම් කර තිබූ අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 200ක් , මත් කරල් හා මත්පෙති තොගයක්ද අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
212
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රෝහල් පවිත්‍රතා වැඩ පරික්ෂක කුඩු සමග මාට්ටු