IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


රේස් පදින්න ගිහින් ජීවිතයෙන් වන්දි ගෙවයි

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර කටුගස්තොට මාර්ගයේ යතුරුපැදි රේස් පැද්ද තරුණයන්  දෙදෙනෙකු අනතුරට ලක්ව එක් තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව කටුගස්තොට පොලිසිය කියයි.

අකුරණ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි වියේ සහ 19 හැවිරිදි වියේ තරුණයන් දෙදෙනෙකු කටුගස්තොට මාර්ගයේ අධික වේගයෙන් රේස් පදිමින් සිටියදී ශාන්ත අන්තෝනි බාලිකා විදුහල අසලදී එම යතුරු පැදිය මාර්ගයේ මැද විදුලි පහන් කණු සඳහා යොදා ඇති ආරක්ෂක කොන්ක්‍රීට් කණුවේ වැදීමෙන් සිදු වූ අනතුරකින් 18 හැවිරිදි තරුණයා එම ස්ථානයේදීම මියගොස් ඇතිි බව පොලිසිය කියයි.

පොලිසිය පවසනුයේ කටුගස්තොට මාර්ගයේ මහයියාව බිංගය සහ කටුගස්තොට පාලම අතර කොටසේ අධිබල යතුරුපැදි සහ මෝටර් රථ යොදා ගනිමින් රාත්‍රී කාලයේ රේස් පැදීම කලක සිට සිදු කෙරෙමින් පවතින බවයි.

ප්‍රදේශවාසීන්ගේ පැමිණිලි මත අවස්ථා කිහිපයකදීම රාත්‍රී කාලයේ රේස් පදින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීති මාර්ගයෙන් ක්‍රියාකළ ද එම කටයුත්ත දිගින් දිගටම සිදු කෙරෙමින් පවතින බවද පොලීසිය කියයි.

 

 



අදහස් (4)

රේස් පදින්න ගිහින් ජීවිතයෙන් වන්දි ගෙවයි

සෙනෙවිරත්න Monday, 25 August 2025 11:45 AM

මේක ගාල්ලේ හයිවේ පිවිසුම් පාරේ වෙලා දෙන්නෙක් මළා, මුන්ගේ වයසේ වැරැද්ද සහ රජයේ රෝහල් වලින් මදාවිකාරයින්ට නොමිලේ ප්‍රතිකාර දෙන එක..., මීට පස්සේ නීතිවිරෝධී ගමන් ගිහින් අතපය කඩාගත්තාම ප්‍රථමාධාර විතරක් දීලා වැඩිදුර ප්‍රතිකාර වලට අයකරගත යුතුයි.

:       2       18

රත්නායක Monday, 25 August 2025 01:55 PM

දෙන්නම මැරුන නම් නියමයි. පුදුම කරදරයක් තියෙන්නේ. කොන්ක්‍රීට් කොටසේ වැදුණු එක හොදයි. වෙන වාහනයක් වැදුණා නම් ඩයිවරුත් අමාරුවේ...

:       3       12

ajith Monday, 25 August 2025 10:35 PM

රේස් පදින පාර හරහා රෑට හීනි කම්බියක් ඇදලා තියන්න.කරුවල තැනක වංගුවක නං ගොඩක් හොඳයි

:       0       0

Hasith Tuesday, 26 August 2025 05:16 AM

මේ මොල බාග නම් පුදුම සාපයක්..වෙලාවට කොන්ක්‍රීට් එකක වැදුනේ.. වෙන වාහනයක් හරි මනුස්සයෙක් ගෙ වැදුනණම් ඒ මනුස්සයත් කොච්ච්ර අමාරුවේ වැටෙනවද?? ලපොලිසිය ඔය පාරේ නිතරම හිටියත් නීතියනම් ක්‍රියාත්මක වෙන්නේ ඉතා අඩුවෙන්.. රදල හාමුලගේ පුත්තුත් සද්දේ දාගෙන බයික් පදිනවා රෑ දෙගොඩහ යාමේ.. පොලිසිය නිදි ඇති ඒ වෙලාවට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14410 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 416 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 252 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site