IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රේස් ගිය බස් දෙක එකට ඇමිනේ

(කාංචන කුමාර ආරියදාස)

පෞද්ගලික බස් රථයක් සහ ලංගම  බස් රථයක් එකිනෙකා පරයා ගමන් ධාවනයට කිරීමට ගොස්  දඹුල්ල රෝහල් ඉදිරිපිට දී බස්රථ දෙක එකිනෙක යාවී පෞද්ගලික බසයේ සිටි  මගින් 50 කට අධික පිරිස පැයට ආසන්න කාලයක් බස් තුළ සිරවීමෙන් ඔවුහු දැඩි අපහසුතාවයට පත් වූහ.

අනුරාධපුරයේ සිට මහනුවර බලා ධාවනය වූ ලංගම බසයක් සහ  පොලොන්නරුව අරුණපුර සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බසයක් මෙසේ අනතුරට ලක් විය.

දඹුල්ල නගරයෙන් මෙම බස් රථ දෙක එකම වේලාවට ධාවන ආරම්භ කොට නගරයේ සිට කිලෝ කිලෝමීටර් එකක් පමණ දුර එකිනෙකා ඉස්සර කිරීමට නොදී අපරික්ශාකාරිව ධාවනය වූ බව මගින් පවසති.

ඒ අනුව දඹුල්ල රෝහල ඉදිරිපිට දී  ලංගම බස් රථය පසුකර යෑමට පෞද්ගලික බස් රථය සූදානම් වනවාත් සමඟ මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන  අවස්ථාවේ බස්රථ දෙකේම මගින් සියයකට අධික පිරිසක් සිට තිබේ,පෞද්ගලික බස් රථය සිර වීමත් සමග එහි සිටි මගින් 50 කට අධික පිරිසක් බස් රථයෙන් බැස ගැනීමට නොහැකිව බස් රථයේ සිරවී සිටි බව බස් රථය තුළ ගමන් කරමින් සිටී භික්ෂූන් වහන්සේ නමක් අප සමග සඳහන් කළහ.

දඹුල්ල රථවාහන පොලිසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කොට පෞද්ගලික බස් රථයේ සිටි මගීන් කඩිනමින් එළියට ගැනීම සඳහා ලංගම බස් රථය ඉවත් කිරීමට පියවර ගත්තේය.

 



අදහස් (13)

රේස් ගිය බස් දෙක එකට ඇමිනේ

wedage Friday, 17 February 2023 10:59 AM

ලන්ගම බස් ඒකේ රියඳුරු අත වරද නැති උනත් පොලිසියෙන් අතඩංගුවට ගත් නැද්ද?

:       5       19

එම්. මාධව ගුණතිලක Friday, 17 February 2023 11:00 AM

ලංකාවේ මගී බස්රථ රියදුරන්ට NVQ මට්ටමේ රියදුරු ඩිම්ප්ලොමාවක් හදුන්වා දී උගත් බුද්ධිමත්, විනය ගරුක රියදුරන්ට පමණක් මගී බස් රථ ධාවනය කිරිමට බලපත් දීම. සෑම රියදුරෙක්ම අධික්ෂණය කර ලකුණු ලබා දීම.

:       1       70

යෝගා Friday, 17 February 2023 02:03 PM

දොස්තරලත් තරගෙට වැටුණාම මිනී මරා ගන්නවා. අවශ්‍ය අරාබියේ, සිංගප්පූරුවේ වගේ දරුණු නීති....

:       1       31

පිටිගල මිලානෝ Friday, 17 February 2023 11:39 AM

එකිනෙකට ඇමිණුන බස්රථ වල ඩ්‍රයිවර්ලා මිනීමැරීමට තැත්කිරීම යටතේ අත්අඩංගුවට ගන්න...

:       0       35

de silva berlin Friday, 17 February 2023 02:01 PM

ලංකාවේ බස් එක්කෝ රේස් යනවා... එහෙම නැත්නම් මගීන්ගේ කාලය කමින් ඉබිගමනේ ගාට ගාට යනවා. සාමාන්‍ය වේගයෙන් ගමන් කරන බස් ලංකාවේ නැහැ. මේවා පාලනය කරන්න රජයේ නිලධාරියෝ අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් හිටියත් ඔවුන් රාජකාරිය නිසිලෙස ඉටුකරන බවක් පෙනෙන්න නැහැ...

:       1       39

ලසන්ත Friday, 17 February 2023 05:48 PM

ඉබි ගමනේ කියලා ඉබ්බන්ටත් අපහාස කරන්න එපා... ඔවුන් යන්නේ ගොලුබෙලි ගමනින් කියලා නම් කියන්න පුළුවන්... ඉස්සර නම් කිව්වේ භූමිතෙල් කරත්තේ වගේ කියලා.

:       0       0

Santhu Friday, 17 February 2023 02:25 PM

මෙවැනි අනතුරු අද ඊයේ සිට වෙන දේවල් නෙමේනේ.. ඡීවිතයේ සාමාන්‍ය දෙයක් වෙලා දැන් නූනොත් තමා පුදුමයක් වන්නේ... සතියකට 4ක් වත් සිදුවෙනව‍ා මේ රියැදුරන්ගේ වාහන බලපත් අඩුතරමින් වසර 3කට එහා අත් හිටුවා, දඩ මුදලකුත් ගෙවිය යුතු විදියට නීතියක් තියෙන්නේ... ඒ හා සම්බන්ධ නිලධාරීන් රජයට බැල මෙහෙවර කරනකම් ඒවත් හබස්...

:       0       23

Kapila Friday, 17 February 2023 02:54 PM

ප්‍රයිවට් බස් එකට වැඩි වාසි ලැබෙනු ඇත. අපි නොදන්නා පොලිසිය..

:       1       14

Santhu Friday, 17 February 2023 02:56 PM

මෙවැනි අනතුරු අද, ඊයේ සිට වෙන දේවල් නෙමේනේ... ඡීවිතයේ සාමාන්‍ය දෙයක් වෙලා... දැන් නූනොත් තමයි පුදුමයක් වන්නේ.. සතියකට 4ක් වත් සිදුවෙනවා... මේ රියැදුරන්ගේ වාහන බලපත් අඩුතරමින් වසර 3කට එහා අත්හිටුවා, දඩ මුලකුත් ගෙවිය යුතු විදියට නීතියක් තියෙන්න ඕනෑ... කොහෙද පොලිසියට, ඒ හා සම්බන්ධ නිලධාරීන් රඡයට බැලමෙහෙවර කරනකම් ඒවත් හබස්....!

:       1       14

ගමේ එකාලා Friday, 17 February 2023 04:19 PM

රියදුරන් තරගෙට ඉගිල්ලෙන්න හදනවා. මේ වගේ දේවලින් අනතුරට පත්වෙන්නේ.., ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන්නේ අසරණ මගීන්ට... මේ වගේ රියදුරන්ට නීතියෙන් දැඩි දඬුවම් දිය යුතුයි.

:       0       1

Sisil Gunasekara Friday, 17 February 2023 05:20 PM

ඕකේ වරදකරුට දඬුවම් ලැබිය යුතුයි. මින් ඉදිරියට මෙවැනි දේ නොවීමට පොලිස් බලධාරීන් වගබලා ගත යුතුයි.

:       0       1

chinthana Saturday, 18 February 2023 12:20 PM

රියදුරු අසුන අසල දොර හා හදිසි දොර ලෙස දකුණු පැත්තේ දොරවල් 2ක් තියෙද්දී මොකටද මගීන් පැයක් බසයේ හිරවෙලා හිටියේ?

:       0       9

Sherine chandrasekara Saturday, 18 February 2023 07:48 PM

ඔළුව නැති නූගත් අය රියදුරු රැකියා කරද්දී මෙහෙම වෙනවා. චික් විතරක්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 198 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site