IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු දුර මිසයිල භාවිතා කරමින් රුසියාවේ ඉලක්කවලට පහර දෙන පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

රුසියන් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට තමන් ලබා දුන් දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, රුසියාව අභ්‍යන්තරයේ ඉලක්ක වෙත පහර දෙන්නැයි යුක්රේනයට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවසර ලබා දුන්නේ මීට දින දෙකකට පෙරය.

රුසියාව චෝදනා කරන්නේ, යුක්රේන හමුදා ඇමෙරිකා ජනාධිපති ලබා දුන් එම අවසරය පරිදි, ප්‍රහාර එල්ල කරන බවය. රුසියන් යුක්රේන යුද්ධය තව තවත් උත්සන්න කිරීමට ඇමෙරිකාව උත්සාහ ගන්නා බවට රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝෆ්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ පරිපාලනය දොස් නගා ඇත.

යුක්රේන හමුදා දිගු දුර මිසයිල භාවිතයට ගනිමින් පහර දුන්නේ රුසියාවේ බ්‍රයියැන්ස් පළාතේ රුසියන් හමුදා කඳවුරකටය. යුක්රේනය දෙසින් ආ දිගු දුර මිසයිල කීපයක් ප්‍රති මිසයිල යවා ගුවනේ දී විනාශ කිරීමට රුසියන් හමුදාව සමත් වූ බව ද පැවැසෙයි.

එක් මිසයිලයක් පමණක් හමුදා කඳවුරට එල්ල වී කඳවුරට හානි සිදුවී ඇත. මිසයිල ප්‍රහාරයෙන් හමුදා කඳවුරේ ගිනිනක් ද හට ගත් බව පැවැසෙයි.



අදහස් (1)

රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්

Rohana Wednesday, 20 November 2024 07:44 PM

යනයකා කොරහත් බිඳගෙන යනවා වගේ යන්න ඉන්න බයිඩන් රුසියාව සමග දැඩි වයිරයකින් දිගුදුර මිසයිල්වලින් යුක්රේනය ලවා පහර දෙනවා. බයිඩන්ගේ මරණ මංචකයේදි මේවා විඳවන්න වෙයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site