IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


රුසියන් ගුවන් යානයක් කඩා වැටේ

රුසියානු අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන ගුවන් යානයක් අනතුරට ලක් වී කඩා වැටුණි.

කඩා වැටෙද්දී යානයේ මගීන් 43 දෙනකු සහ නියමුවන් ද ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් හය දෙනකු සිටි බව පැවසෙයි. මගීන් 43 දෙනා අතරේ කුඩා දරුවෝ 6 දෙනෙක් ද සිටියහ.

කඩා වැටුණු ගුවන් යානය, සයිබීරියාවේ ‘ඇන්ගාරා’ ගුවන් සේවයට අයත් ගුවන් යානයකි.

යානය රුසියන් චීන දේශසීමාව අසල ටින්ඩා නමැති නගර බලා පියාසර කරමින් තිබියදී රේඩාර්වලින් අතුරුදන් විය.

යානය කඩා වැටෙන්න ඇතැයි බිය පළ කරමින් සෝදිසි මෙහෙයුම් සිදුවුණු අතර, දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්වලට වනාන්තර ප්‍රදේශයකින් යානය් සුන්බුන් හමුවිය.

කඩා වැටුණේ රුසියාවේ නිෂ්පාදිත ‘ඇන්ටනෝව් 24’ වර්ගයේ ගුවන් යානයකි. 



අදහස් (1)

රුසියන් ගුවන් යානයක් කඩා වැටේ

Nandalal DE SILVA - France Thursday, 24 July 2025 05:22 PM

ඔය ගුවන් යානා අනතුර, යුක්රේනය පිට පටවන්නට රුසියානු ඒකාධිපති පූටීන් තටමන වග පැහැදිලි බව සමහර ආරංචි මාර්ග සඳහන් කරයි.

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 159 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 306 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 656 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site