
(අංජුල මහික වීරරත්න )
රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සෙයිනුල් ආබ්දීන් එහියා මහතා ඇතුළු පළාත් පාලන ආයතන රැසක මහජන නියෝජිතයෝ සහ ක්‍රියාකාරීහු පිරිසක් කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණ ජනපතිට සහාය පළ කළහ.
මේ අතර පලනි දිගම්බරන් මහතාගේ නායකත්වයෙන් යුත් කම්කරු ජාතික සංගමයේ හැටන්, නෝර්වුඩ්, ආගරපතන, මස්කෙළිය, නුවරඑළිය යන ප්‍රාදේශීය සභාවල හිටපු මන්ත්‍රීවරු 11 දෙනෙක් ද රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක් වූහ.
මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක නටරාජා රවිකුමාර්, මහලේකම් යෝගරාජා පිල්ලේ ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු පිරිසක් ද ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණ සහාය පළ කිරීමට එක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද දන්නේ නෑ ලියලා දෙනවා කිව්වේ . මොවුන් හැමදාම පැති පැණ පැණ ඉන්නේ රටේ කෑලි කඩාගෙන ඒ තැන්වල රජ කරන්න.
ජාතිකත්වය පදනම් මෙම පක්ෂ ගැන බහුතර ජනතාවගේ පැහැදීමක් නැහැ. නායකයන් සජිත් වෙතත් සෙසු පිරිස රනිල් වෙතත් යෑම සැලසුම් සහගතව කරන්නක් විය හැකිය. මෙම පක්ෂ එකතු කරගැනීමෙන් සිදුවන අප්‍රසාදය වලක්වා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා හිතා මතා සිදුකරන්නක් විය හැකිය. චන්දයෙන් පසු නායකත්වය සහ සෙසු පිරිස යලි එක් වුවහොත් එය එසේ බව තහවුරු වනු ඇත.
සජබෙ සන්ධානයෙ කෑලි ගැලවෙනව.ජය මාලිමාවට
හොර දූෂිතයෝ ටික එකතු වෙනවා.