IMG-LOGO

රවී කරුණානායක

(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලංකා මහ බැංකුව 2016 වසරේ මාර්තු මස 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මහ බැංකුවේ පවත්වන ලද බැඳුම්කර වෙන්දේසියේදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය බැංකුවලට බලපෑම් කිරීම තුලින් රුපියල් කෝටි 3600 කට අධික බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකළ  බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කරන බව විත්තියේ නීතිඥවරු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට අද (27) දැනුම් දුන්හ.

රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් තුඩුදුන් මෙම සිද්ධියට අදාළ නඩුව විභාග කිරීම සඳහා නීතිපතිවරයා විසින් පත්කරන ලද දමිත් තොටවත්ත  සභාපති මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂාඩ් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරු වේ බව දැනුම් දුන්හ.

2016 මාර්තු 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලැබූ බැඳුම්කර වෙන්දේසියකදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය බැංකුවලට බලපෑම් කිරීම තුළින් රුපියල් බිලියන 35 කට අධික වටිනා  බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පොදු දේපළ පනත යටතේ මෙම නඩුව ගොනු කර අත.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී රටින් පලාගොස් සැඟවී සිටින බව කියන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවල්  ටෙශරිස් ආයතනයේ අධ්‍යක්ෂක වරයකු වන අජාන් ගර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් හැර සෙසු විත්තිකරුවො  අධිකරණයේ පෙනී සිටියහ.

නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවට අදාළව පැමිණිල්ල ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන පරිගණක සාක්ෂි සම්බන්ධ ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කළේය .

එම පරිගණක සාක්ෂි පරීක්ෂා කිරීමට විත්ති පාර්ශ්වයට  අයිතියක් ඇතැයි පෙන්වා දුන් විනිසුරු මඩුල්ල මෙම පරිගණක සාක්කි පරික්ෂා කිරීමට අවශ්‍ය බව විත්ති පාර්ශ්වයෙන් දැනුම් දුන් දින සිට දින 15 ක් ඇතුළත එම  පරිගණක සාක්ෂි පරික්ෂා කිරීමට  විත්තියේ නීතිඥවරුන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙන්න ලෙස පැමිණිල්ලට නියම කළේ.

නඩුවේ 10 වන විත්තිකරු වන ඉන්දික සමන් කුමාර නමැත්තා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා පොදු දේපල දේපළ පනත යටතේ ඉදිරිපත් කොට ඇති චෝදනා පවත්වාගෙන යෑමට හැකියාවක් නැතැයි පෙන්වා දුන්නේය.
ඒ අනුව අදාළ චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කොට තම සේවාදායකයා මුදා හැරීමට ඉල්ලීමක් කිරීමට තමන් අපේක්ෂා කරන්නේ යැයි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව කැඳවන කැඳවනු ලබන 19 වෙනිදා එම මූලික විරෝධතාවය ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් විනිසුරු මඩුල්ල චෝදනා පත්‍රය සම්බන්ධයෙන් සෙසු විත්තිකරුවන් ද විරෝධතා මතු කරන්නේ නම් එම විරෝධතා ද එදින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද එම මූලික විරෝධතා පිළිබඳව කල් වේලා ඇතිව පැමිණිලි පාර්ශවය දැනුවත් කරන  ලෙසද විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

මෙම නඩුව ලබන මස 19 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියම කළේය.



අදහස් (0)

රවී කරුණානායක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 682 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1082 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site