IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


වාහනයට ඉස්සර කරන්න නොදුන්නැයි පිස්තෝලය පෙන්නලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ප්‍රාඩෝ වර්ගයේ සුපිරි රථයට රථයට ඉස්සර කරන්න ඉඩ නොදුන්නැයි උරනව තලංගම තලවතුගොඩ හන්දියේදී මෝටර් රථ රියදුරට ගිනි අවියක් එල්ල කර බිය ගැන්වූ ප්‍රාඩෝ රථයේ රියදුරු වන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

ඔහු සතුව තිබූ 9 එම් එම් වර්ගයේ බලපත්‍ර සහිත පිස්තෝල ගිනි අවියද පොලිස් භාරයට ගෙන ඇත.

නුගේගොඩ මහසෙන් මාවතේ පුද්ගලයකු ඔහුට අයත් මෝටර් රථයෙන් හෝ කන්දර දෙස සිට තලවතුගොඩ  දෙසට ගමන් කරමින් සිටියදී එම කාර් රථයට පිටුපසින් සැකකරු ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයේ ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.

ප්‍රාඩෝ රථය මෝටර් රථයට ඉස්සර කිරීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කර ඇතත් අවස්ථාව නොලැබීම හේතුවෙන් උරණ වී තලවතුගොඩ හංදියේදී ආසන්නයේ දී ජීප් රථය මෝටර් රථය පසු කරගෙන ගොස් නවතා ප්‍රාඩෝ රථයේ රියදුරු විසින් ඔහු සතුව තිබූ පිස්තෝල ගිනි අවියක් පෙන්නුවා මෝටර් රථයේ රියදුරු බිය ගන්වා තිබූ බව පොලිසිය සඳහන් කරයි.

මෝටර් රථ රියදුරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රාඩෝ රථයේ රියදුරු ගිනිඅවිය සමග පොලිස් භාරයට ගෙන ඇත.

 



අදහස් (2)

වාහනයට ඉස්සර කරන්න නොදුන්නැයි පිස්තෝලය පෙන්නලා

ලුම්බිණි Saturday, 21 June 2025 12:44 PM

බලපත්‍රය වහාම අවලංගු ක‍රන්න. කරපු වරදට හිරේ දාන්න.

:       0       1

පිටිගල මිලානෝ Saturday, 21 June 2025 02:02 PM

නීත්‍යානුකූල ගිණි අවියක් වුණත් වැරැදි පරිහරණයට ඇප නැත. උණ බහිනකල්ම ඉන්න හිරේ….

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2024 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 634 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 713 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site