IMG-LOGO

රිලවුන් රට පැටවීමට එරෙහි පෙත්සමට දින දෙයි

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට රිලවුන් ලක්ෂයක් යැවීමට ගෙන ඇති තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සත්ව ආරක්ෂක සංවිධාන 30 ක් ගොනුකර ඇති රිට් පෙත්සම මෙම මස 26 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසිද නිකුත් කරනු ලැබ ඇත.

මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර් මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් අමාත්‍ය මණ්ඩලය නම් කරනු ලැබ ඇත.චීනයේ විද්‍යාත්මක පරීක්ෂණ කටයුතු සඳහා පෞද්ගලික සමාගමක ඉල්ලීම පරිදි මෙරටින් රිලවුන් ලක්ෂයක් යැවීමට ගෙන ඇති තීරණය නීතියට පටහැනි බව සඳහන් කරමින් එම තීරණය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කාර සංවිධාන මෙම පෙත්සම ගොනු කර ඇත.



අදහස් (1)

රිලවුන් රට පැටවීමට එරෙහි පෙත්සමට දින දෙයි

ගමේ එකාලා Saturday, 20 May 2023 04:55 PM

රට පටවන එකත් දැන් ප්‍රශ්නයක්නේ. නරකද දියවන්නාවට ගිහින් දැම්මා නම්...? එතැන ඉන්නෙත් ඔය වගේ එහෙට මෙහෙට පනින එවුන් නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 397 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 960 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1344 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site