
(අංජුල මහික වීරරත්න)
ජනතාව අද පහසුවෙන් ජීවත් වන්නේ රට වැටුණු අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දු තීරණ නිසා බව බඹරැන්ද කුරුඳුරේ පූර්වාරාම රජමහා විහාරාධිපති දොඩම්පහළ රාහුල නා හිමියෝ පැවැසූහ.
රාහුල නාහිමියන් මෙසේ පැවසූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේදී පැවති ආගමික වතාවත් සඳහා සහභාගී වෙමිනි.
ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික වතාවත් පැවැත්විණි.
සේදවත්ත වෙහෙරගොඩ රජමහා විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම පින්කම් සංවිධාන කෙරිණි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන,සජබ හිටපු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් ද මෙහිදී පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් දොඩම්පහල රාහුල නාහිමියන් වැඩිදුරටත් පැවසූයේ රනිල් වික්‍රමසිංහ මහතා කිසි විටෙක කිසිදු තීන්දු තීරණයක් රටට අගතිගාමී ලෙස ගෙන නැති බවයි.
රනිල් වික්‍රමසිංහ මහතාට රටේ මහා සංඝරත්නයේ ආශිර්වාදය හැම විටම හිමි වෙන බවද රාහුල නා හිමියෝ කීහ.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට සුබ පැතීමේ වැඩසටහනක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී ද අද (24) පෙරවරුවේ පැවැත්වුණු අතර දේශපාලන නායකයෝ රැසක් එම අවස්ථාවට සහභාගී වී සිටියහ.



COMMENTS
වැස්සට ගහගෙන ආව කුණු රොඩු එක තැනක. අතුගාලා දාන්න ලේසියි.
රට වැටුනෙත් මෙයාලා ගත්තු තීන්දු තීරණ නිසාම තමයි හාන්දුරුවනේ!
දැං ඔන්න පැලවත්තෙං පඩි ගන්න සෙට් එක කුපිත වෙයි.
මේ රටේ අනෙක් නායකයින් හා සසඳන විට, රනිල් අනෙක් සියලුම විකටයන්ට වඩා ටිකක් හොඳ විය. කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ රනිල්ට වඩා දක්ෂ දේශපාලනඥයන් සිටී. නමුත්, රට මෙහෙයවීමට 21 වන සියවස මෙහෙයවීමට අපට නායකයෙකු අවශ්‍යයි, නමුත් අහෝ, අපට එවැනි නායකයෙකු නොපෙනේ. නරකම දෙය නම්, අපි දැන් විහිළුකාරයින් සහ විකටයන් සමූහයකට කොටු වී සිටීමයි, විකාර කතා කිරීමට සහ උදාසීන ආකල්පයෙන් රට ආපසු හැරවීමට පමණක් හැකියාව ඇත.
රට බංකොලොත් කලේ රනිල් මහත්මයා නෙමෙයිනේ . මේ රට හොද තැනකට ගේන්න ඔහුට බැරිවුනේ එකට හිටපු අය ලව්වා කරපු කුමන්ත්‍රණ මගින් . වැටිච්ච වෙලේ කය්වාරු ගහන්නේ නැතුව ඉදිරිපත් වෙලා බේරා ගත්තෙත් ඔහු . අද ආණ්ඩු කරන්න රටක් ඉතුරු වුනේ ඒ නිසයි .
මම හිතන්නේ ඊළග බර්ත් ඩේ එක වැලිකඩ බන්ධනාගාරයේ ගමු කියල.
බලාගෙන ගියාම අපේ රටට ‘76 වසරක ශාප’ දෙකයි!
සමරන්න සමරන්න. මොකද මේ ආත්මෙන් පසු තවත් බුදු වරුන් දහස් ගණනක් මේ ලෝකෙට පහළ උනත් මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ නැති මිනිහෙක් නේ.
රට බංකොලොත් වෙන තැනට ගෙනාපු එවුන් කොහොමද රට ගොඩ ගන්න දායක වූවා කියන්නේ?
ඔහුට නින්දිත ධාවන වාර්තාවක් ඇති අතර ඔහුගේ ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණය බටලන්දයි.
ඉන්න උන් දැකපුවහම කියන්න පුලුවන් , රට කෙසේ වෙතත් පොරවල් නම් හොදටම වැටිලා කියලා ...
අකලට වයසට ගිහින් තියෙන්නෙ. කාපු කජුවල හැටියට. අවෘදු 76. මුලුදිවයිනටම ලොකුම බරක් නොමිලේ අධයාපනය. ඊටපස්සෙ. ජිවිත කාලයම සැප වින්දා. රට බන්කොලොත් වෙනකම්. මොනවද මුන් කෙරුවේ පාඩු පිට පාඩු. වාහනයේ ඉදලා අමාත්‍යංශයට යනකම්. බැංකු ත් බන්කොලොත් කරලා. ජනතව. මහපාරට දාලා නාකි නඩේ සැප වින්දා. මේ වගේ උන් හින්දා බට ලන්දේ මරපු අය වෙනුවෙන් දායක පින්කමක් කරන්න හිතක් වත් නැතිව ඇති.
බත් බැලයෝ දාල කොච්චර වර්ණනා කර ගත්තත් රනිල් බේරාගත්තු රටක් නැහැ කියල මේ රටේ මිනිස්සු දන්නවා , ඒකනේ ලැබුණු පලවෙනි මතිවරනේනෙන් ම එලවල දැම්මේ , ඔච්චර වීර වැඩක් කරා නං රටේ මිනිස්සු චන්දෙ දිල ආපහු ජනාදිපති පුටුවෙම තියා ගන්නවනේ ? කරපු එකම දේ IMF එකේ කොන්දේසි ඔක්කොටම එකග වෙලා ණයක් අරගෙන රටේ මිනිස්සුට ජිවත් වෙන්න බැරිවෙන්න බදු වැඩි කරපු එක විතරයි
ගරු හිටපු ජනාධිපති තුමනි, ඔබතුමාට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි.
සුබ උපන්දිනයක් වේවා ජනාධිපතිතුමනි !!!
ලොක්කා!! 76 කියන්නේ හොඳ අංකයක් නෙවෙයි. 7 6 = 13. 2048 වෙනකම් ජීවත් වෙන විදිහ ගැන සැලකිලිමත් වෙන්න!! බටලන්ද තමයි ප්‍රධානම පරාජය.!!!
රට වැට්ටුවේ කවුද කියන්න කෙනෙක් නැති හැටි, කේක් කපන්න මහත්තයා හරිම ආදර්ශයක් රටටම...
රනිල්ගේ ඊළඟ උපන්දිය වෙද්දි ආණ්ඩු බලය සියයට 3 කින් වැටිලා තියේවි වගේ යන විදියට
රනිල්ට පින් ජනපතිකම බාර දුන්නා. දූෂිත පවුල් පාලනේ රැකුණා. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා බන්කොලොත් කරපු රටක අනුන්ගේ පව් කර ගහන්න කවුද කැමැති...? පළාත් පාලන ඡන්දේ ප්‍රකාශයට පත්කරලා ඒකත් නොතියපු කෙනෙක් ගැන මොන කතාද?