(මුදිතා දයානන්ද)
රනිල් - මෛත්‍රී ගෙනා කොතලාවල පීඨ පනතේ අකුරක්වත් වෙනස් නොකර මේ ආණ්ඩුව නැවත ගෙනත් තිබෙනවා. එදා පනත ශිෂ්‍ය ව්‍යාපාරයේ හා වෙනත් පාර්ශ්වයන්ගේ අරගල මගින් පරාජය කළා සේම මේ පනත ද පරාජය කළ යුතු යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
ඇය මේ බව සඳහන් කළේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
ඇය මෙසේද පැවැසුවාය.
කොතලාවල ආරක්ෂක පීඨය සම්බන්ධයෙන් 2018 පැවති ආණ්ඩුව පනතක් ගෙනාවා. එදා විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු බොහෝ පාර්ශ්වවලින් එල්ල වූ විරෝධය නිසා එය හකුලා ගත්තා. ඒ පනතේ භයානක කරුණු අකුරක්වත් වෙනස් නොකර වර්තමාන ආණ්ඩුව විසින් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
මෙහි ප්‍රධාන ගැටලු 03ක් අපි දකිනවා. උසස් අධ්‍යාපනය විකෘතිවීම, පෞද්ගලීකරණය කිරීම සහ මිලිටරීකරණය වීම ඒ ප්‍රධාන ගැටලු තුනයි.
උසස් අධ්‍යාපනය මේ පනත තුළින් විකෘත වෙන්නේ කොහොමද? මේ වෙනකොට රජය පවත්වාගෙන යන උසස් අධ්‍යාපනයේ පාලනය, තත්ත්වය නියාමනය වැනි දේ සිදුකරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන්. ඒත් මේ අලුත් පනත හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට වඩා බලයක් තිබෙන ව්‍යුහයක්, පාලන මණ්ඩලයක් මේක තුළින් නිර්මාණය කෙරෙනවා. එය ස්ථාපිත කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේයි. ඒ මණ්ඩලයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට එහා ගිය බලතල රාශියක් ලැබෙනවා. මේ මණ්ඩලය ප්‍රධාන වශයෙන් ත්‍රිවිධ හමුදාවල නියෝජනයක්, අමාත්‍යාංශයේ නියෝජනයක් තිබෙන නමුත් උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයන් නියෝජනය වෙන්නේ නැහැ.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් පිට ඒ යටතේ වෙනත් උසස් අධ්‍යාපනය ආයතන පිහිටුවන්න සහ උපාධි ලබාදීමේ බලතල මේ මණ්ඩලයට හිමිවෙනවා. තත්ත්ව පාලනය, උසස් අධ්‍යාපනය නිර්ණායක, ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීම, විභාග පැවැත්වීම ආදි සියල්ල මේ මණ්ඩලයට පැවරෙනවා. මේ මණ්ඩලයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සහ මහා භාණ්ඩාගාරයෙන් නියෝජිතයන් දෙදෙනකු නාමිකව පත් කිරීමේ අවස්ථාව විතරක් තියෙනවා.
එයට පත් කරන මේ කළමනාකරණ ව්‍යුහයම අවුල් සහගතයි. උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය රඳා පවතින අධ්‍යාපනය ලැබීමේ නිදහස, ශාස්ත්‍රීය ගවේෂණ සඳහා අධ්‍යයන නිදහස, මූලික කරගත් මූලධර්ම පද්ධතියක් තියෙනවා. මේ පනතින් යෝජනා කරන විශ්වවිද්‍යාල ව්‍යුහය තුළ ඒ ගැන කතා කරන්න කිසිම අවස්ථාවක් නැහැ. මෙය ඉතාමත්ම අනතුරුදායක දෙයක්.
උසස් අධ්‍යාපනය වෙනත් ආකාරයකින් පෞද්ගලීකරණය කිරීමටත් මේ පනතෙන් පාර කැපෙනවා. නිදහස් අධ්‍යාපනයට පටහැනිව ස්ථාපනය කරන මේ ව්‍යුහය පිහිටුවා ගැනීමට රජයේ මුදලුත් ලබාදෙනවා. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම ආණ්ඩුව සිදුකරන බව මෙයින් පැහැදිලි වෙනවා.
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රනිල් - මෛත්‍රීලාගේ කොතලාවල පීඨ පනත මේ ආණ්ඩුවත් එහෙමම ගෙනත්
සෙන්ජී Tuesday, 18 May 2021 06:33 AM
මේ විස්තරයෙන් පැහැදිලි වන්නේ, විශ්ව විද්‍යාල පද්ධතිය තුල කෲරව ක්‍රියාත්මක වන ජවිපෙ, පෙරටුගාමී බල අධිකාරිය කොතලාවල විශ්ව විද්‍යාලය තුළට ගෙනයාමට නොහැකි අඩෝවැඩියාවයි. ඉන් ඔබ්බට විහිදුණු ශිෂ්‍යයින්ට වන යම් අසාධාරණයක් ඇත්නම් එය ඉදිරිපත් කර නොමැත.
Aruna Thursday, 20 May 2021 09:42 AM
උගත්, නිහතමානී ඔබගේ බොළඳ විහිලු තර්ක ගැන සිතා ගැනීමටත් බැරිය. 1 ඔබගේ තර්කයට අනුව නිදහස් අධ්‍යාපනයට හැරුණු විට මුදල් අයකරන අධ්‍යාපන ආයතනවලට ඉඩක් නැත. මන්ද එය නිදහස් අධ්‍යාපනය මරා දැමිමකි. ලංකාවෙි සරසවි වරම් ලබන එහෙත් එ් සඳහා අවස්ථාවක් නොලබන අය කවදා හෝ නිදහස් අධ්‍යාපනය ලැබෙන තෙක් බලා සිටිය යුතූයි. ලංකාවේ අර්ථික තත්වය දෙශපාලනයේ තරම අනුව ඔවුන්ගේ උසස් අධ්‍යාපනය සදා සිහිනක් වනු අැත.