
(සමන් පාලිත නානායක්කාර)
වැලිමඩ රේන්දපොල ඊයේ 29 රාත්‍රී බිහිසුණු නායාමක් සිදුවී ඇති බවත් ශ්‍රී ලංකා යුද හමුදාවේ කඩිනම් මෙහෙයුමකින් ආර්ජන්ටිනා හා මෙත්සිකානු විදේශීය සංචාරක කාන්තාවන් තිදෙනකු ඇතුළු තවත් දහයකට අධික පිරිසක් මුදවා ගනු ලැබූ බවත් බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය .
එම ස්ථානයේ තවත් පස්දෙනකුවත් අතුරුදන් වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම නායාමෙන් මුදවා ගත් පිරිස සමරවීරපුර මුස්ලිම් පල්ලියේ තාවකාලිකව රඳවා ඇති බවද එහි ආර්ජන්ටිනා ජාතික කාන්තාවක් සහ මෙක්සිකානු කාන්තාවන් දෙදෙනකු ඇතුළු ඇතුළු පිරිසක් රඳවා සිටින බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
මේ අතර බදුල්ල ස්ප්රින්වැලි නගරයේ කොටුවී සිටින පිරිසක් බේරා ගැනීමට සහ කුඩා දරුවන් හතර දෙනකු සමග තවත් පස් දෙනකු බොරගස් හන්දියේ සිරවී සිටින බවට ලැබුණු තොරතුරු අනුව ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.
මේ අතර ඉන්දියාවෙන් පැමිණි ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක් අද බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී මෙහෙයුම් දියත් කරන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසීය.
එම කණ්ඩායමේ 40 දෙනකු පමණ සිටින අතර තාක්ෂණික උපකරණ සමග හමුදා නිලධාරීන්ගේ ද සහයෝගය ඇතිව මෙහෙයුම් අද දිනය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර ජලයෙන් යටවී සියලු කටයුතු අඩාල වී ඇති මහියංගන රෝහල පිරිසුදු කිරීමේ මහා ශ්‍රමදානය අද යුද හමුදාවේ දෙසීයකගේ පමණ දායකත්වය ඇතුව කිරීමට සැලසුම් කර ඇති බව සහන නිලධාරීහු පැවසුහ.
නායයාමේ අධි අවදානම් කලාපවල සිටින ජනතාවට ඉවත්වන ලෙස කරන දැනුම්දීම් නොසලකා හැරීම දරුණු ඛේදවාචක වලට හා අනතුරුවලට තවත් හේතුවක් වී ඇති බව ආපදා සහන නිලධාරීහු සඳහන් කරති.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රේන්දපොළ දරුණු නාය යාමක්