
(සුජිත් හේවාජුලිගේ )
රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති.
මත්පැන් පානය කර රතිඤ්ඤා දැල්වීමෙන් වලකින්නැයිද ඉල්ලීමක් කරන බව එම වෛද්‍යවරු සඳහන් කරති.
එසේම රතිඤ්ඤා හෝ අහස්කුරු දල්වා මිනිසුන්ගේ සතුන්ගේ ඇඟට දැමුවහොත් එසේ කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස එම වෛද්‍යවරු පොලිසියෙන් ඉල්ලීමක් කරති.
රතිඤ්ඤා වලින් ඇස් වලට හානියක් වුවහොත් ජලයෙන් පොඟවා වහාම රෝගීන් රෝහල වෙත රැගෙන යා යුතු බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය.
ඇස් වලට ගෙදර සිට වෙනත් ප්‍රතිකාර කිරීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලා සිටි. වරක් පත්තු කෙරුණු රතිඤ්ඤා නැවත ඇල්ලීමෙන් වළකින ලෙසද වෛද්‍යවරු ඉල්ලීමක් කරති.
අවුරුදු සමයේදී රතිඤ්ඤා අනතුරුවලින් දරුවන්ට සිදුවන අනතුරු බොහෝ සෙයින් වැඩිවන හෙයින් ඒවා වළක්වා ගැනීම සඳහා මවුපියන් ඒ ගැන අවධානයෙන් සිටින ලෙස ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.
COMMENTS
අත දරුවන් ඉන්න ගෙවල්වල ගෙවල් අසල රතිඤ්ඤා පත්තු කරන්න එපා.
ඉතා වටිනා උපදෙස් ටිකක්. වෛද්‍යවරුන්ගේ උපදෙස් වඩාත් අගෙයි. රතිඤ්ඤා අවශ්‍යමද? සතුන්ගේ හැසිරීම නිරික්ෂණය කර බලන්න. ඔවුන් ඉතා අහිංසකයි. ඇයි අප ඔවුන්ව බය කරන්නේ...?