(සුජිත් හේවාජුලිගේ )

රට  අවදානම් තත්වයෙන් තවමත් මිදී නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි  විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

තවමත් රට පවතින්නේ රතු කලාපයේ බවද ඇය කීවාය.

රටෙන් දිනකට කොවිඩ්  ආසාදිතයන් දෙදහසක් පමණ හමුවන තත්වයක් පවතින හෙයින් සමාජයේ ආසාදිතයන් 6000 කට වඩා සිටින බව අනුමාන කළ හැකි යැයිද  විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

ඩෙල්ටා  රට පුරාම පැතිරී  ගොස් ඇති හෙයින් කොවිඩ්  අවදානම අඩුවී ඇතැයි පැවසිය නොහැකි බව පැවසූ ගුණරත්න මහත්මිය තවත්  රැල්ලක් ඇති වීම වළක්වා ගැනීමට සියලු දෙනා පියවර ගත යුතු බවද  කීවාය.