IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


රට හදනවා නම් යකෙකුට වුණත් උදව් කරනවා

(සුජිත් හේවාජුලිගේ)

"යකෙක් හරි ඇවිල්ලා මේ රට හදනවා නම්  සහයෝගය දෙනවා" යැයි හිටපු නියෝජ්‍ය  අමාත්‍ය  ප්‍රවීණ රංගන ශිල්පි  රන්ජන් රාමනායක පවසයි.

ජනාධිපති අනුර කුමාරගේ  රජය සියයට සියයක්ම හොඳ යැයි තමන්ට හැඟෙන බවද  ඔහු සඳහන් කළේය

රන්ජන්  රාමනායක මහතා මෙසේද පැවසීය

"හොරු අල්ලාගෙන යනවා.දූෂණය අවමයි. අනිත් ආණ්ඩුත් එක්ක සංසන්දනය කර බලද්දි මේ ආණ්ඩුව එළවන්න හෝ ඉවත් කරන්න හෝ  තරම් වරදක් කරලා නැහැ"



අදහස් (14)

රට හදනවා නම් යකෙකුට වුණත් උදව් කරනවා

පිටරැටියා Friday, 24 October 2025 04:51 PM

රටම හොරාකාලා විනාශම කරපු දූෂිත ආණ්ඩුවල ට වඩා, ජනතාවාදී මාළිමා ආණ්ඩුව රටට සේවයක් කරනවාට කිසිම සැකයක් නැහැ.. අපේ රටට යහපතක්ම වේවා. අපි සැමදා ඔබ සමගයි.

:       0       0

යසපාල Friday, 24 October 2025 05:02 PM

ඔයාගේ උදව් අපේ ආණ්ඩුවට ඕනේ නෑ. චිත්‍රපටයක් කරගෙන පාඩුවේ හිටපං.

:       0       1

Nihal Dharmatileke Friday, 24 October 2025 05:17 PM

මමත් රන්ජන් කියපු දේ පිළිගන්නවා.

:       1       0

ඇන්ඩෘ සෙබඩවිල Friday, 24 October 2025 05:22 PM

දේශපාලන වශයෙන් තමා ඉතා ජනප්‍රිය යැයි සිතා කටයුතු කර මයික් එකක් ඉදිරියට දමා ඡන්දය ඉල්ලා හොට බිම ඇණ ගත් රන්ජන් රාමනායකගේ අදහස් රටට වැදගත් නැත. එසේම අසාර්ථක යහපාලන සමයේ ඔබතුමා විසින් අධිකරණ විනිසුරන්ට කළ බලපෑම් ගැනද නොදන්නෙක් රටේ නැත. එම නිසා හිටියා වගේම සද්ද නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න යැයි රන්ජන් රාමනායකට අපි කියමු.

:       0       1

ravin Friday, 24 October 2025 05:45 PM

බලාගෙනයි... ඔන්න එක්කෙනෙක් නම් හොල්මනක් වෙලා හරි පළිගන්න.

:       1       0

Nihal Friday, 24 October 2025 06:16 PM

අපේ පවුල්වල සියලුදෙනාම මාලිමාවට ඡන්දය දෙන්න තීරණය කලේ බංග්ලාදේශයනුත් ණය ගන්න තරම් රටේ ජනතාවට දක්කන්නේ කොහාටද කියලා තේරුම්ගත් නිසයි, මාලිමාවට ගහපු කතිරය ගැන ඉතා සතුටට කරුණක් වෙලා.. මේ රජයට පෙර සමුළුවලට ගුවන් යානා පුල් සනහුරේ ඔක්කෝම ශොපින් ගියා.. කරපුවා සිය ගාණක් කියන්නම්... අන්තිමට භාන්ඩාගාරය හිස් තෙල්, ගෑස් නැව් මුහුදේ මාස ගණන් ඉන්දියාව පිහිට නොවුණා නම් රටින් භාගයක් පමණ අද නෑ. අශිෂ්ට මිනිස්සුන් ඒ වෙලාවෙත් බේත්වලින් කෝටි ගාණක් හොරකම් කළා..

:       1       0

Quert Friday, 24 October 2025 07:00 PM

මෙයාට කොටි පල්ලිය ගොඩගන්න පුළුවන් නම් ඕනේ දෙයක් කරයි. ගිය පාර කොටි සල්ලි වලින් ඡන්දේ ඉල්ලපු එකා... අල්ලිරාජාගේ පක්ෂයෙන්. කිසිම සිංහලයෙක් මෙයාව විශ්වාස නොකළ යුතුයි.

:       0       1

ravin Friday, 24 October 2025 07:23 PM

බැදපු දේවල් කන්නේ පරිස්සමෙන්... ඔන්න වැඩේ කියන්නේ හොල්මනක් වෙලා එනවලු පළිගන්න.

:       17       6

Ranaweera Friday, 24 October 2025 08:00 PM

මෙයාගේ වලං හෝදපු එකා තමයි දැන් සී.අයි.ඩී එකේ ලොක්කා. ඉතින් මෙයාගේ නඩු ටික අනිවාර්යෙන් මේ ආණ්ඩුවෙන් ගොඩ දාගන්න පුලුවන්. ඒකයි ඔය කඩේ යන්නේ. කමක් නෑ ඉතින්.

:       0       1

ගුණරත්න Friday, 24 October 2025 08:26 PM

ආර්ථික පීඩනය දැනෙන්න කල් ගත වුණා මදි. තව අවුරුදු දෙකකින් විතර දැනෙන්න ගනීවි. පොරොන්දු ඉටු කලේ නැහැ කියලා පෙනෙන්න ගනීවි. ඉතිහාසගත ජනවරමක් අරගෙනත් වැඩක් කර නැහැ කියලා පෙනෙන්න ගනීවි. හොඳම උදාහරණය තමයි ජනාධිපති පොරොන්දු වුණා විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරලා අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙනවා කියලා. එත් ඒ ගැන වගේ වගක් නැතිව රට සවාරි යමින් ජනාධිපති බලතල භුක්ති විඳිනවා. අනෙකුත් ඇමැතිලාත් එසේමයි.

:       0       1

Rawidu Friday, 24 October 2025 11:41 PM

ගවුම්වලට වැඩියෙන් උදව් කරනවා...

:       0       1

Mohan Friday, 24 October 2025 11:47 PM

ඔබ දේශපාලනයේ ඉන්න අවංක පුද්ගලයෙක්... ඇත්ත පැවසීම ඔබගේ හොදම ගුණයයි.

:       2       0

Jeewan Dissanayake Saturday, 25 October 2025 12:41 AM

ඇති මහත්තයෝ..., මෙච්චර කල් ඔබලා දුන්නු ආතල් හොදටම ඇති. ආර්ථික වර්ධන වේගය 6.5 % වඩා තිබුණු රට ඔබලා අරන් කරපු කෙරුව තරමට අද මිනිස්සු වන්දි ගෙවනවා... තමන් කරපු දේ අනුන් ගේ එකවුන්ට් වලට බැර කරලා කරපු කෙරුවාවේ තරමට ප්‍රතිඵල ලැබුණා නේද? තවත් මොකටද තමන්ගේ පාඩුවේ වැඩක් කරගත්තා නම් ඉවරයිනේ...

:       0       1

Saththaya Saturday, 25 October 2025 06:21 AM

ඔක්කොම හොරු නම් කාට උදව් කරන්නද මල්ලී...?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1410 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1293 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 465 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site