IMG-LOGO

රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා

(අංජුල මහික වීරරත්න)

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13)පැවසීය.

අලුත් වැඩපිළිවෙල සහ මතවාදය යථාර්ථයක් බවට පත්කර ගත හැක්කේ ශක්තිමත් දේශපාලන නායකත්වයක් සහිත යාන්ත්‍රණයක් ලැබුණොත් පමණක් බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව පැවසූයේ ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂක හමුවේදීය.

තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ක් හෝටලයේදී මෙම හමුව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීය.

පසුගිය ජනාධිපතිවරණයේ දී අපි විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කර ගත්තා. ලංකාවේ මතවාදීමය සංස්කෘතික තලයේ තීව‍්‍ර තරගයක් තිබුණු ජනාධිපතිවරණයක්. පැරැණි අසාර්ථක ආර්ථික, දේශපාලනික ගමන ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පෙනී සිටි කඳවුර ඉදිරියට ගෙනයාම සහ ඊට එරෙහිව නව ආර්ථික හා දේශපාලන, සංස්කෘතික ගමනක් මෙන් ම පාලනය සහ ජනතාව අතර සබඳතාවක් පවතින අප නියෝජනය කළ කඳවුර අතර එම තීව‍්‍ර තරඟය තිබුණා.

මෙයට පෙර පැවැතියේ, පැරැණි දේශපාලන කඳවුර ඇතුළේම වැඩි ඡන්ද ලබා ගන්නේ කවුරුන්ද කියන තරඟයයි. නමුත්, මෙවර සටන තිබුණේ, පැරැණි ගමන් මාර්යේ ම යනවාද? නැතිනම්, අලුත් දේශපාලන පරිවර්තනයකට ලක් කරන දිශාවකට යනවාද? කියන තරඟයයි. ජනතාව දැඩි තීරණයක් අරගෙන ජාතික ජන බලවේගයේ අප ජයග‍්‍රහණය කරවූවා. ජනතාවගේ පැත්තෙන් බැලූවොත්, එය ඔවුන් තැබූ අවදානම් සහගත පියවරක්. ඒ වාගේම අධිෂ්ඨානශීලී පියවරක්.ඒ වාගේම ධෛර්ය සම්පන්න පියවරක්. ඒ තීරණය ගැනීමට අධිෂ්ඨානය සහ විශ්වාසය තිබුණු ජනතාවට අපි අපේ ස්තුතිය සහ ගෞරවය පිරිනමනවා.

ඒ මැතිවරණයේදී අනෙක් කඳවුර සතුව මුදල්, මාධ්‍ය, රාජ්‍ය බලය කොතරම්ද කියලා පැහැදිලි වුණා. තැපැල් ඡන්දයට පෙර දිනයේ දී වැටුප් වැඩි කිරීම පිළිබඳ යෝජනා පවා ඉදිරිපත් කිරීමට ඔවුන් බලවත්ව සිටි අවස්ථාවක රටේ ජනතාව අප විශ්වාස කර ඡන්දය ලබා දුන්නා. අපි අලුත් මතවාදයක් සහ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළත් එම මතවාදය සහ වැඩපිළිවෙළ යථාර්ථයක් බවට පත් කළ හැක්කේ

ඊට අවශ්‍ය ශක්තිමත්ම දේශපාලන නායකත්වයක් තිබුණොත් පමණයි. එය ස්භාවිකව ගලාගෙන යන ගමනක් නොවෙයි. පවතින තත්ත්වය වෙනස් කිරීමට නම්, ශක්තිමත් දේශපාලන නායකත්වයක් සහිත යාන්ත‍්‍රණයක් අප සතු විය යුතුයි. දැන් අපේ දේශපාලන බලය පවතින්නේ ඉතා කුඩා තැනක. ජනාධිපතිවරයා ඇතුළු තුන්දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් තිබෙන්නේ. මේ ධෛර්යවන්ත හැරවීම යථාර්ථයක් කිරීම සඳහා එය කිසිසේත්ම ප‍්‍රමාණවත් වන්නේ නැහැ. නව ශක්තිමත් දේශපාලන බලවේගයක් හදා ගන්නා තෙක් සංක‍්‍රාන්ති කාලයක් ගතකිරීමට කැබිනට් මණ්ඩලයේ අප තිදෙනාට පැවරී තිබෙන්නේ. මේ සංක‍්‍රාන්ති අවධියේ දී අපට කළ හැකි දේත්, අවධානය යොමු කළ යුතු දේත්, අපේ කාර්යක්‍ෂමතාවත් සහ අප ඉවසීමෙන් කටයුතු කළ යුතු අවස්ථාත් තිබෙනවා. සමහර තීන්දු තීරණ ගෙන කි‍්‍රයාවට නැගීම සඳහා ප‍්‍රබල දේශපාලන බලයක් තිබිය යුතුයි.



අදහස් (10)

රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා

පිටරැටියා Sunday, 13 October 2024 04:17 PM

මාළිමාවට මෙවර අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබේවා. රටට යහපතක්ම වේවා...!

:       19       98

රම්බොඩ Sunday, 13 October 2024 04:25 PM

පහුගිය ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් නම් ලැබුණේ නෑ. යන්තමින් ගොඩ ගියා මිසක්. මොනවා නමුත් හොඳ. පාර්ලිමේන්තුවක් නම් අවශ්‍යයි වැඩක් කරන්න නම්. ඊට පස්සේ තමයි මෙයාලාගේ අවංකම කැපවීම බලාගන්න පුළුවන් වෙන්නේ...

:       24       66

For Our Children's Future Sunday, 13 October 2024 04:28 PM

රටේ තියන තත්වයෙන් පොඩි හෝ දියුණුවක් දකින්න ඕනෑ නම්, NPP හැර වෙන තේරීමක් අපිට නැහැ. ඉදිරියේදී මොනව වෙයිද දන්නේ නෑ, නමුත් මේ මොහොතේ අපේ ඡන්දයට වටිනාකමක් දෙන්නේ මේ අය පමණයි.

:       13       100

Bandara Sunday, 13 October 2024 05:29 PM

ඔයාලා ජනාධිපතිවරණයට වියදම් කරපු ගාන තවම කියලා නෑනේ...

:       18       27

ලක්විදු Sunday, 13 October 2024 06:28 PM

පාට, පක්ෂ මොකක් වුණත් මේ වෙලාවේ කවුරුහරි NPP හැර වෙන පක්ෂෙකට ඡන්දෙ දෙන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ...!

:       17       41

WijekoonMonday, 14 October 2024 06:23 AM

තමුන් වගේ උපාධි සහතිකය හිස මුදුනේ තබාගෙන පක්ෂයේ කටයුතු කිරීමේ පළපුරුද්ද මිස ගමේ ශ්‍රමදානයක් වත් නොකළ නිවසේ එකතුවෙන කුණු ජනතාව ගමන්ගන්නා පාරටම ගෙනවිත් දමන, කයිය ගැසීම හැර වෙනත් දෙයක් නොකළ හා ගුරුවරු ලෙසට පාසලේ ඉගැන්වීම් නොකර තමන්ගේ පාසලේ, තමන්ගේ පන්තියේ දරුවන්ට ටියුෂන් පංතියේ ඉගැන්වීම කළ පිරිසක් පාර්ලිමේන්තුවේ අසුන් ගන්න නාමයෝජනා ඉදිරිපත් කර සිටින නිසා තමයි අපි අකැමැති වෙලා ඉන්නේ...

:       2       1

සාලිය Sunday, 13 October 2024 06:48 PM

ජනතාවට ලොකු වෙනසක් සහනයක් නැත​. කලින් වගේමයි. වැඩ ඉතා හෙමින් ණය ගැනීම නම් ටිකක් වේගයෙන්. කරන්න දෙයක් නැහැ. විකල්පත් නැහැ.

:       23       27

Chamila Sunday, 13 October 2024 06:56 PM

ජයම වේවා...! නිවැරැදි දැක්ම රට දිනවයි...!

:       15       27

Perera Monday, 14 October 2024 04:27 AM

NPP ඇරෙන්න අනිත් ලොකුවට හිටපු පක්ෂ ඔක්කොම ගැලවි ගැලවි සීසීකඩ කුඩු වෙවී යනවා. මාරවැඩේ... මේ පාර හරිහමන් විපක්ෂයක්වත් ඉතිරි වෙන එකක් නැහැ වගෙයි.

:       2       3

ජයනාත් Monday, 14 October 2024 07:41 AM

කියන්න තියෙන්නේ එකම දෙයයි . වෙතත් විකල්ප කිසිවක් නැහැ. එකම බලාපොරොත්තුව ජාජබ විතරයි. අවුරුද්දක් යනකොට බලන්න පුළුවන්. මෙයාලා වැඩේට හරියට අඩිතාලම දැම්මොත් හරි. නැත්නම් ඉතින් ඉදිරියට බලාපොරොත්තු කිසිවක් තියන්න වෙනත් කවුරුත් නැහැ. හිටපු එවුන් නම් ජීවිතයටම එපා...!

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 503 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site